ලොරි රථයක් මිට සුළු මොහොතකට පෙර දොඩම්ගොඩ පිවිසුම ආසංනයෙදී ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් අනතුරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිස්වැනි කිලෝමීටරය ආසන්නයේ දී අද (10) උදෑසන ලොරි රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක වැදී පෙරලීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම ලොරි රථය කොළඹ සිට මාතර දක්වා භාණ්ඩ රැගෙන යමින් සිටියදී ගැලනිගම හා දොඩංගොඩ අතරදී මෙම අනතුර සිදුව ඇත.

දැනට ලැබෙන තොරතුරු වලට අනුව එම රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මාර්ගයේ ගමනගමනයට බාදාවක් නොගමත

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද..? මේ ගැන හරියටම ඔබත් කියවන්න දැනගන්න

වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන ආශාවක් නිවෙස අභ්‍යන්තරයෙන්ම සංසිඳවා ගැනීමට ඇතැම් ශාක වර්ග මේ මිහිපිට හට ගැනීම පවා දෛවෝපගතය.

කාමයට අධිපති අනංගයාගේ කාම හීසරය විදින දුන්න සකස් වී ඇත්තේ ද උක් දණ්ඩෙනි. ආයුර්වේද වෙදකමේ උක් ගසට ප්‍රධාන තැනක් හිමි වේ. සිංහල බෙහෙතට නැතිවම බැරි උක් ගස නොයෙකුත් පුද පුජාවලට ද නැතිවම බැරි පලතුරකි. උක් ගසෙන් ලබා ගන්නා උක් සීනි, උක් පැණි, උක් හකුරු ඖෂධ සංස්කරණය සඳහා එකතු කරගනී. එමෙන්ම උක් මුල්, උක් පුරුක් ද බෙහෙතට ගනී. සිංහල ගැමි ගෙදර කොහේ හෝ තැනක අනිවාර්යය බෙහෙතක් ලෙස මෙය වගා කරගත් අතර අද වනවිට එය බොහෝ දුරට අපගේ භාවිතයෙන් ඈත්ව ඇති තරම්ය. එහි ගුණ දන්නෝ උක් වගා කොට එහි ඖෂධීය ගුණය අත් විඳිති.

කාම ශක්තිය වර්ධනය

කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟු ගුණයක් උක් පැණිවලට ඇති අතර ශරීරයේ සෞඛ්‍ය ධාතු පෝෂණය කිරීමට වර්ධනය කිරීමට මෙය ඉවහල් වේ. ශරීරයේ ශක්තිය නිපදවීමට මූලික වන මෙය මිනිසාගේ පෝෂණ ක්‍රියාදාමයට දෛනිකවම එකතු කළ යුතු ඔසුවකි.

ශරීරයේ පිත් කෝප කරන රෝගවලට ඉතාම හිතකර වන අතර මානසික රෝග ඇතිවීම, කැස්ස, ඇදුම, පීනස ඇතිවීම සහ හෘද රෝගවලට ඉතාමත් ගුණදායක ඔසුවකි.

කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරවලට, රක්ත ප්‍රදරවලට හිතකර මෙය පුරුෂ පක්ෂයේ ශුක්‍ර පෝෂණය කිරීමට, වර්ධනය කිරීමට මා හැඟී ඔසුවකි.

දිනපතාම උක් දණ්ඩක් හැපීමට පුරුදු වන්නේ නම් එය කායික ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වන්නේය.

රටඉඳි

අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන මෙය ලෝකවාසී හැම දෙනාම ගන්නා ආහාරයකි. පෝෂණ ගුණයෙන් ඉහළම අගයක් ගන්නේ ඉදුණු රටඉඳියි. එහෙත් බොහෝ විට අප ආහාරයට ගන්නේ එසේ හොඳටම ඉදුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට තනා සාදාගත් ඒවායි. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතුව පිට පැත්තේ පැණි ගතියකින් තොරව දක්නට ලැබේ. හොඳින් ඉදුණු රටඉඳි මිහිරි පැණි රසයකින් යුතුය. කෑමට පි‍්‍රයජනක එම රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන ධාතූන්ගේ පෝෂණය සිදු කරන කාම ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටුව මට්ටු කරන්න හොඳම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩීවීමට හේතු වේ.

ශරීරයේ පිත්තාධික රෝග, ශරීරයේ දැවිල්ල නැති කරන මෙය මල පිරිසුදු කරයි. මුත්‍රා පීඩා දුරු කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා කායික ශක්තිය වඩයි. ශුක්‍ර ධාතුව වඩයි. හෘදයට හිතයි. ඉතා පිරිසුදු රටඉඳි තෝරා ගෙන එහි ඇට ඉවත් කොට එම ගෙඩි 10 කට එළඟි තෙල් මේස හැඳි 1 ක්, මී පැණි මේස හැඳි 5 ක් දමා එයට තිප්පිලි කුඩු තේ හැඳි 1/2 ක්, ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා, ඉඟුරු පෙති දමා දින 15 ක් සුරැකිව බෝතලයක අසුරා සුළං නොවදින ලෙස තබා ඉන් ගෙඩියක් උදේ හිස්බඩට ආහාරයට ගෙන එළකිරි පානය කරන්න. ඇඟ පතේ විඩාව දුරු කිරීමට එය කදිම ප්‍රතිකාරයක්.

අනෝදා හෙවත් ආත්තා

රසවත් පලතුරක් සේම ගුණාත්මක ඖෂධීය ශක්තියක් මෙහි ඇත. මෙහි ගුණ දන්නෝ එය සොයාගෙනම ආහාරයට ගනී. දිව්‍යමය ගුණ ඇති පලතුරක් ලෙස සිංහල ගැමි සමාජයේ අද ද ආහාරයට එක් කර ගන්නා මෙය ශරීරයේ වර්ධනයට, පෝෂණයට අත්‍යවශ්‍ය පලතුරකි. ශරීරයේ විඩාව නිවා ගැනීමට, ශක්තිය වර්ධනය කරගැනීමට, ධාතු පෝෂණය කරගැනීමට, මුත්‍රා පද්ධතිය පිරිසුදු කරගැනීමට, මුත්‍රාශය, වකුගඩුවලට හිත, මුත්‍රා ගල් සෑදීම වලකන ඔසුවකි. මල බද්ධය පවා මින් දුරු වේ. උෂ්ණාධික ශරීර ඇති අයට යෝග්‍යතම පානයකි. කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යෑම ඇතුළු උෂ්ණාධික රෝගවලට කදිම ආහාරයකි. ශරීරයේ දැවිල්ලට ද හිතයි.

මෙම පලතුරුවල ඇති ගුණාත්මක අගය වටහා ගැනීමට නම් එය දිගු කාලයක් තමාගේ ආහාර පානයක් ලෙස ගත යුතුය. ඉන් ඔබේ දුබල ගතට නොසිතූ විරූ බලයක් ලබාදිය හැකියි.

අළු කෙසෙල්

පිරිමින්ට අළු කෙසෙල් අගුණ දෙයකැයි මතයක් පවතී. රෝග රැසක් සමනය කිරීමට සමත් අළු කෙසෙල් පිළිබඳ අපේ රටේ ජනතාව කොතරම් දුරට දැනුවත්දැයි යන්න ගැටලුවකි.

අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන දරුපල අහිමි කරන නිසා පිරිමි පාර්ශ්වයට අහිතකර බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. අළු කෙසෙල් ධාතුªන්ගේ මනා පෝෂණය ගෙන දීමට සමත් බව පාරම්පරික ඖෂධ යෝග ඔස්සේ වටහා ගෙන ඇත. මුලේ සිට දලු දක්වාම ඖෂධ පිණිස ගනු ලබන අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන ආහාරයක් හෝ ඖෂධයක් නොවේ.

පිෂ්ටය, මේදය, කැල්සියම්, යකඩ, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අළු කෙසෙල් සමන්විත වේ.

ඉදුණු අළු කෙසෙල් ගෙඩි බොහෝ විට විසිකර දමන අවස්ථා අප දැක ඇත. නමුත් ඉදුණු අළු කෙසෙල් ගෙඩි කාම ශක්තිය, ධාතු බලය වැඩීමට ශරීරය තර කරගැනීමට ඉවහල් වේ.

ඉදුණු අළු කෙසෙල් නාමල් රේණු, නෙළුම් රේණු සමඟ කළවම් කොට මී පැණි මුසු කොට දිනපතා මේස හැඳි 4 ක ප්‍රමාණයක් ගැනීමෙන් කායික ශක්තිය, ධාතු බලය, ඉන්ද්‍රීය ප්‍රබෝධය සංසර්ගයේ යෙදීමේ හැකියාව වැඩි දියුණු වේ.

කාන්තාවන්ගේ උදරාබාධ, ගැස්ට්‍රයිටිස්, හිසකෙස් සුදු වීමට ඉතාම ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස අළු කෙසෙල් බොඩය හැඳින්විය හැකියි. කැනක් වැටුණු පසු එම ගහ පලා මැද ඇති බොඩය ගෙන සිහින්ව කපා රසවත් ව්‍යංජනයක් ලෙස කුරුඳු පොතු, එනසාල්, කරපිංචා, සුදුලූනු, රතුලූනු, බැදපු තුනපහ කුඩු එකතුකර පොල් කිරෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයේ විස පහ කිරීමටත් යෝග්‍ය වේ.

උපදෙස් – පාරම්පරික ආයුර්වේද වෛද්‍ය, වෛද්‍ය නිධි, මෙත්සුව පී. හතරසිංහ ගෙනි

එළ කිරි භාවිතා කර අවපැහැ වු ගෙල වට සුදු කරගන්න මෙන්න විශ්මිත්ක්‍ ක්‍රමයක්ර

ඔබ කෙතරම් ලස්සන වෙන්න හැදුවත් ඔබගේ ගෙල දුර්වර්ණ වී ඇත්නම් ඔබේ පෙනුම සම්පුර්ණයෙන්ම අවලස්සන වෙනවා. ඉතා පහසුවෙන්ම ඔබගේ ගෙල පැහැපත් කරගන්න නිවසේදීම පහසුවෙන් සදගතහැකි අපූරු ප්‍රතිකාර මෙන්න.ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත video එක බලන්න..

 

දණහිස් වේදනාව ඉක්මණින් නැති කරන විශ්මිත ආලේපන දෙකක් ගෙදරදීම හදාගන්න විදිය බලන්න

ගොඩක් අයට තිබෙන තව ගැටළුවක් තමයි දණහිස් අමාරුව කියන්නේ..මේ සදහා අපිට නොයෙක් ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙනවා…අපි අද ඔබට කියලා දෙන්න යන්නේ දණහිස් වේදනාව ඉක්මණින් නැති කරන විශ්මිත ආලේපන දෙකක් පහසුවෙන් ගෙදර ඉදන් හදාගන්න විදිය ගැන….ඔබටත් පහසුවෙන්ම ගෙදර තිබෙන මේ දේවල් භාවිතා කරලා මේ ආලේපනය හදාගන්න පුළුවන්…

වෙනත් ලෝකයක ජිවත් වන සතුන්ට මේ ලෝකයට ඇවිත් උපදින්න පුළුවන්ද..? බැරිද..?

කර්මය හා කර්ම විපාකය අපේ වර්තමාන ජීවිතයට පමණක් සීමා වූ දෙයක් නොවේ. කර්මය ඉතා සියුම් විෂයකි. කර්මයේ කෙළවර සෙවීමද බුදුවරයකුට හැරෙන්නට සාමාන්‍ය කෙනකුට කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම සිතා කෙළවරක් නොදැකිය හැකි බැවින් කර්ම විෂය අචින්ත්‍ය යැයි බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එහෙත් කර්මය පිළිබඳ නොදැනීම හෝ නොපිළිගැනීම නිසා සත්ත්වයා මේ සංසාරයෙහි මහත් වූ දුකට පත්වෙයි. සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් කර්මය මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙනි. ඒ අයිස් කන්දේ මුදුනත ඉතා කුඩා කොටසක් පමණි අපේ පියවි ඇසට පෙනෙන්නේ. අයිස් කන්දේ විශාල ප්‍රමාණයක් මුහුදු දියෙන් යට පාවෙමින් පවතී. එය අපට නොපෙනෙන්නා සේම කර්මයේ ක්‍රියාකාරිත්වයෙන් වැඩි කොටසක් අපට නොපෙනේ.

කෙනකුට උපකාරයක් හෝ හානියක් කළ කෙනකුට එහි විපාකය වශයෙන් වෙනත් යම්කිසි පුද්ගලයකුගෙන් ප්‍රතික්‍රියා ලැබෙනවා. එය අනියම් ක්‍රමයකින් වෙන්නත් පුළුවන්. මිනිසාගේ සිතක පවතින සිතිවිලිවලට අනුව විවිධ වූ කිරණ ජාලයක් අවකාශයට සම්ප්‍රේෂණය වෙනවා. ඒවා සියුම් කැමරාවලින් ඡායාරූප ගත කර තියෙනවා. ඔහු හෝ ඇය ඒ වෙලාවේ දරා සිටි සිතිවිල්ලේ ස්වභාවයද ඒ මඟින් හඳුනා ගැනීමට පුළුවන් වී තියෙනවා. මෙය ශක්ති විශේෂයක්. ඒ ඒ අවස්ථාවේ දරා සිටින සිතිවිල්ලට අනුව ස්නායු පද්ධතියේ මධ්‍යස්ථානය වන මොළයේ ඉපිද ස්නායු මාර්ගයෙන් අවකාශයට විකිරණය වෙනවා.

ගුවන්විදුලි හෝ රූපවාහිනි සම්ප්‍රේෂණාගාරවලින් සම්ප්‍රේෂණය කෙරෙන ශබ්ද තරංග හා රූප තරංග මෙන් අපෙන් විකිරණය වන කර්ම ශක්තීන්ද එක්නෙකට මිශ්‍ර නොවී තව තවත් මෝරමින් පවතිනවා. එම පුද්ගලයා ඊට පසුව සම්ප්‍රේෂණය කරන කර්ම ශක්තීන්ගෙන් ඒවා පෝෂණය වෙමින් හෝ පීඩනය ලබමින් අවකාශයේ (ඔහුට හෝ ඇයට) සම්බන්ධව පාවෙනවා. යම්කිසි ශක්තියක් නිකුත් කළ උපාදානස්කන්ධ සන්නතිය කොතැනකට මාරු වුවත් එතැන සොයා දිගටම සම්බන්ධය පවතිනවා.

අඹ ඇටයක් සිටුවා පොහොර දමා සාත්තු කර වැඩෙන්නට සැලැස්සුවොත් කලක දී ඒ ගසෙන් අඹ පලයක් ලැබෙනවා. වෙනත් වර්ගයක ගසක් වැලක් වුවද එසේමයි. ඒ ගස හෝ වැල බිහිකර සාදා ගැනීම කර්මයයි. එයින් ගෙඩි ලැබීම ඒ කර්මයේ ඵලයයි.

1990 නොවැම්බර් මස 29 වැනි දින බි්‍රතාන්‍යයේ පළවන ‘සන්’ නමැති දිනපතා පුවත්පතේ අපේ ලංකාවටත් සම්බන්ධ වාර්තාවක් පළ වුණා. ඒ පුවත ඒ දවස්වල බි්‍රතාන්‍යයේ රූපවාහිනිවලත් ප්‍රචාරය වුණා.

වයස අවුරුදු එකොළහක් වූ මේ ළමා ලාංකික මවකගේ දරුවකු වූ ගණේෂ් සිත්තම්බලම්ය. මොහු එවකට බි්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලයක ගෞරව උපාධිය සඳහා ගණිතය උගනිමින් සිටියේය. මොහු වයස අවුරුදු අටේ දී සාමාන්‍ය පෙළ විභාගයෙන්ද වයස අවුරුදු නවයේදී උසස් පෙළ විභාගයෙන්ද ගණිතයට සම්මාන සහිතව සමත් විය. පාඩම් කිරීමෙන් දැනුම වැඩෙන සැටි විස්තර කළ හැකි වුවත් පාඩම් නොකර මෙම කුඩා දරුවාට දැනුම ලැබුණු හැටි පැහැදිලි කිරීමට ජීව විද්‍යාව අපොහොසත් වුණා.

1976 වර්ෂයේ ගිනස් පොතට ඇතුළත් වූ වාර්තාවක ඕලන්ද ජාතික විලියම් ක්ලේන් නමැත්තා සතුව පැවැති විශේෂ හැකියාවන් පිළිබඳ සඳහන් වෙනවා. ඔහු මෙය ප්‍රදර්ශනය කර ඇත්තේ 1976 වර්ෂයේ අගෝස්තු මාසයේ 27 වැනිදාය. ඔහුට ඉලක්කම් පන්සියයක සංඛ්‍යාවක් දී තියෙනවා. 1234567890 යන පිළිවෙළට ඉලක්කම් පන්සියයක් ලියා එම සංඛ්‍යාවේ 73 වැනි මූලය සෙවීමට දී තියෙනවා. කිසි තැනක සටහන් නොලියා සිතින්ම විනාඩි දෙකකුත් තත්පර හතළිහක් ඇතුළත ඔහු 73 වැනි මූලය නිවැරැදිව කියා තියෙනවා. 64 තුන් වැනි මූලය කියන්න කීවොත් ගණිතය ටිකක් දන්නා කෙනෙක් වුවත් කල්පනා කර උත්තරය හතර යැයි පිළිතුරු දේවි. එහෙත් සංකීර්ණ සංඛ්‍යාවක තුන්වැනි මූලය සොයන්න කීවොත් ලඝු චක්‍රයක් උපයෝගී කර ගන්න ඕනෑ වේවි. මේ තරම් දිග ඉලක්කම් පන්සීයක සංඛ්‍යාවක් 73 වැනි මූලය සොයන්නට සුළු වේලාවකදී හැකි වූයේ කෙසේ දැයි පැහැදිලි කරන්නට ජීව විද්‍යාඥයන් සමත් වී නැහැ.

මේ වගේ සුවිශේෂී අද්භූත සමත්කම් දැක්වූ පුද්ගලයන් පිළිබඳ බොහෝ රටවලින් විටින් විට වාර්තා වෙනවා. ලංකාවෙත් එහෙමයි මෑත කාලයේ විවිධ සොයා ගැනීම් කළ පුද්ගලයන් ගැන කියන්න තියෙන්නෙත් මේ ටිකමයි. බුදු දහමට අනුව පැහැදිලි වන්නේ මේවා ඒ ඒ පුද්ගලයන් සංසාරිකව, පෙර ජාතිවලදී පුරුදු පුහුණු වී සිටි බවයි. මේ විශ්වය තුළ පවතින ලෝක අනන්තයි. මනුෂ්‍ය ලෝක මේ අපි ජීවත්වන ලෝකය පමණක් නොවෙයි. මේ අනන්ත වූ ලෝකවල ජීවත්වන සත්ත්වයන්ගෙත් විවිධ හැකියා දක්ෂතා තියෙනවා. අපි කතා කරන්නේ අප වාසය කරන පෘථිවිය ගැනත් මෑත දී සුළු දැනුමක් ලබාගත් ග්‍රහලෝක කීපයක් ගැනත් පමණයි. එහෙත් සත්ත්වයන් වාසය කරන ලෝක හා ඒවායේ පවතින විවිධත්වයත් අසීමිතයි. ඒ නිසා එවැනි විවිධ කුසලතා ඇති සත්ත්වයන් එවැනි වෙනත් ලෝකයකින් පැමිණ මේ ලෝකයේ උපත ලබන්නත් පුළුවන්.

අප හැම කෙනකු තුළම සංසාරයේ බොහෝ අතීත ජීවිතවල දැන ඉගෙනගත් පුරුදු පුහුණු වූ අප්‍රමාණ වූ හැකියාවන් තිබෙන්න පුළුවන්. ඒත් ඒවායින් වර්තමාන ලෝකයේ අපට දක්නට ඇති දේවලට සම්බන්ධ වූ විෂයයන් පමණයි විකාශයට පත් වන්නේ. එසේ විකාශය නොවන ඒවා තෙරපෙමින් පවතිනවා. අපේ ශරීර නිර්මාණයට ගැළපිය හැකි දේ පමණක් මේ ශරීර දරන්නන් තුළ විකාශය වී වැඩිදියුණු වෙනවා. සාමාන්‍ය සිරිත මෙහෙම වුණත් කලාතුරකින් කෙනකු තුළින් අර තෙරෙපෙමින් තිබුණු විකාශය නොවුණු දේ විකාශනය වෙන්නත් පුළුවන්. අන්න ඒවා අද්භූත දේ ලෙස සලකා නිහඬ වෙනවා. (ඒ කනින් අසා මේ කනින් පිට කර නිහඬ වෙනවා මිසක් අපේ රටේ එවැනි දේ ගැන පර්යේෂණ කිරීමක් සිදු වෙන්නේ නෑ)

ශරීරය ගොඩනඟන්නට අමුතු විශේෂ වෙහෙසක් නොදරාම සුන්දර ශරීරයක් දරා සිටින අය සිටිනවා. සෞඛ්‍ය රැකීමට අතිරේක උත්සාහයක් නොදරාම නිරෝගී තත්ත්වයක් දරන අයද සිටිනවා. වැඩි වෙහෙසක් නොදරාම මහත් ධන සම්භාරයක් උපයාගෙන සිටින අයද කොයිතරම් උත්සාහ වීර්යය කළත් දියුණුව අතින් ඉතා දුර්වල අයද සිටිනවා. මේ වගේ පුද්ගලයන් තුළ ඇති වෙනස්කම් පිළිබඳ අෑත අතීතයේත් විමසීමට ලක් වී තියෙනවා.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි තෝදෙය්‍ය නම් තරුණයෙක් සමාජයේ පුද්ගලයන් තුළ මෙවැනි වෙනස්කම් ඇතිවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළා. මේවා පුදුම දේවල් හෝ දේවාභිරහස් යැයි ප්‍රශ්නය මඟ නොහැර තථාගතයන් වහන්සේ කෙළින්ම පිළිතුරු දුන්නා. ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය’ මේ වෙනස්කම්වලට ප්‍රධාන හේතුව කර්මය යැයි වදාළා. පුද්ගලයා විසින් පෙර ජීවිතවල දී කරන ලද ක්‍රියාවලින් උපදවනු ලැබූ කිසියම් ශක්තියක් නිසා මෙම වෙනස්කම් ගොඩනැඟී ඇති බව බුදුරජාණන් වහන්සේගේ තීරණය වුණා.

ඒ අනුව මේ වර්තමාන ජීවිතයට පෙරත් අප අතීත ජීවිත ගත කර ඇති බව සනාථ වෙනවා. පුනර්භවය, පුනරුත්පත්තිය, ආයතිභවය යන නම්වලින් හඳුන්වන්නේ එයයි. වර්තමානයේ අප ගත කරන ජීවිතයට පෙරත් ජීවිත ගත කළා සැබෑ නම් මේ ජීවිතයට පසුව ද ජීවිත ගත කිරීමට සිදුවන බවට ඉඩ ඇති බව පිළිගන්නට වෙනවා. මේ වර්තමාන ජීවිතයේදී අප විඳින දුක් කම්කටොලු පීඩා ඉදිරි ජීවිතවලදීත් විඳිනවාද නැත්නම් ඒ දුකෙන් නිදහස්වීමට කටයුතු කරනවාදැයි බුද්ධිමත්ව නිගමනයකට එළැඹීම නුවණැත්තන්ගේ කාර්යයි.

(බෙල්ලන ඥාණවිමල නාහිමියන්ගේ දෙසුමක් ඇසුරිනි) – සුභානි එම්.ආරච්චිගේ

උපුටා ගැනීම-http://www.mawbima.lk

මගේ ජිවිතේ මන් නොකිව කතාවක් මන් අද කියනවා මට තවත් දරාගෙන ඉන්න බෑ

“අවුරුදු 16න් කලාවට එන්න පුළුවන් වුණත් මම එයා වෙනුවෙන් හැමදේම කැපකලා”

“මගේ ආදරවන්තිය එයා තමයි. අපි යාළුවෙලා අවුරුදු 08 යි”

“මට අංගුලිමාල වෙන්න වැඩි වේලාවක් යන්නේ නැහැ”

නව පරපුරේ ගායන ශිල්පියෙක් වන චිලී තිලංක ගැන පහුගිය දවසක විවිද පුවත් වාර්තා වුණා.

චිලි මේ දවස් වල වඩාත් කාර්යබහුල මොනවත් සමඟද,,චිලිට පෙම්වතියක් සිටිනවාද යන ආදී කරුණු රැසක් අපි ඔහුගෙන් විමසුවා.

මේ අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් වුයේ අප ඇසු ප්‍රශ්නයකට ඔහු ඉතා සංවේදී වීමයි.

නිධානයකින් හමු වූ ග්‍රෑම් 300ක් බර පුදුම කරනවන අපුරු මැණික් ගලක් නිදන් හොරුන්ගෙන් මට්ටු වුනේ මෙන්න මෙහෙමයි

ග්‍රෑම් 300ක් පමණ බරැති විශාල නිල් මැණිකක් නිධානයකින් ලබාගත් පුද්ගලයන් පිරිසක් පිළිබදව අපට වාර්තා වෙනවා. මෙම නිධානය ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩ ගෙන ඇති බව සදහන්.

නවගත්තේගම මහායාය රක්ෂිතයේ ගල් තලාවකින් මෙලෙස මෙම නිල් මැණික ගොඩගෙන තිබේ. එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත්, කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන මෙම මණික විශාල බව පොලිසිය සඳහන් කරයි.

මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණ කර තිබූ බවද පොලිසිය පවසනවා.

අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් බවද, සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගන්නවාත් සමඟම පොලිසිය විසින් රැකවල්ලා සිට අල්ලාගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් පවසා සිටියා.

ඔබට බඩිගිනි ඇති වන්නේ නැද්ද?ඒ නිසා ගැස්ට්‍රයිටීස් මාරයා ඔබේ ජිවිතයට වදයක් ද?එහෙනම් මෙන්න සරලම විසඳුම

මොනව හරි සැර බීම ටිකක්‌ බොනවද? කිසිවකු ආරාධනා කළොත් ඇතැම් දෙනා එය ප්‍රතික්‍ෂේප කිරීමට හේතු ලෙස වර්තමානයේ බොහෝවිට පවසන්නේ අනේ බැහැ ගැස්‌ට්‍රයිටීස්‌ තියෙනවා……

උදේට තමයි අමාරු වෙන්නෙ යෑයි කියාය. වර්තමානයේ බාල මහලු කොයිකාටත් පවතින බහුල රෝග තත්ත්වයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හැඳින්විය හැකිය. ආයුර්වේදයේ මෙය අම්ල පිත්ත රෝගය ලෙස හැඳින්වේ. පොදුවේ අපි මෙය බඩේදැවිල්ල ලෙස පවසන්නෙමු.