කදුළු සලන්නට තරම් කාරණා ජිවිතයට එකතු වෙද්දී දෙපා අහිමි සදමාලිගේ දිරිය ජීවිතයේ සැගවුණු කතාවයි

ඒ සඳමාලි වත්සලා ජයසිංහගේ ඒත් නැත්තම් මුහුණු පොතේ බොහෝ දෙනෙක් දන්නා ”සª ජයසිංහ ”ගේ බලාපොරොත්තු පිරුණ පැතුමයි. ඒ පැතුමට පණ දෙන්නට කාට හෝ හිතෙනවා නම් 0715313183 අංකයෙන් සඳමාලි අමතන්නට පුළවන. මෙය කාගේත් දැනගැනීමට ෂෙයාර් කරන්න.

විතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය වි`දිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය. ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය. ”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි. දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය. අප‍්‍රමාණය.

ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි. අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි. ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය. සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය. අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි`ග නිසාය.

යෞවනියක වූ සඳමාලිගෙ හිතේත් දහසක් සුන්දර සිහින ඉපදුණේය. සඳමාලිට දෙකකුල් අහිමි වන්නේ ඒ සුන්දර සිහින දකිමින් ඒ සිහිනවල සැරිසරණ අතරේය. ඈ වෙනුවෙන් මැදපෙරදිග උන් අම්මාද රැුකියාව හැරදමා පැමිණියාය. මේ වනවිට සඳමාලිගේ පියා සිටියේ ඔවුන් දෙස නොබලන තත්ත්වයකය. කකුල නොකපා සුවකරන්නට රටපුරා වෛද්‍යවරු ළඟට සඳමාලිව රැුගෙන ගොස් ප‍්‍රතිකාර කළ තාත්තා එසේ වෙනතක බැලීම සඳමාලිට තවත් දරන්නට බැරි දෙයක් වුණේය. කෙසේ, වුවත් ඉරණමට අනුව කෙටි කාලයක් ඇතුළත සියල්ල සිදුවෙද්දී ඒ මුළු කාලය පුරාවටම ඇගේ දුක බෙදාගන්න තනියට ළඟ සිටියේ අම්මා සහ ඇගේ මුහුණු පොතේ හිතවන්තයන් පමණි.

”රෝහලේ ඉඳන් ආවට පස්සෙ ජීවත් වෙන එක තමයි මට තිබ්බ ලොකුම ප‍්‍රශ්නේ. අම්මටත් රස්සාවක් නෑ. මාව බලාගන්න ගමන් රස්සාවක් කරන්නත් බෑ. මාත් හිටියේ රෝද පුටුවෙනේ. ඒ රෝද පුටුව මට ලැබුණෙත් ෆේස් බුක් එකේ කැලූම් අයියගෙ මැදිහත් වීමෙන් හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මියගෙන්. ෆේස් බුක් එකේ සහෘදයින්ගේ උදව් උපකාර මැදින් බොහෝම අමාරුවෙන් අම්මයි, මායි ජීවත් වෙන්න පටන් ගත්තා. ඉස්කෝලේ යාලූවෝ ටික උපන් දිනේට ජුකී මැෂිමක් අරන් දුන්නා, මං කලින් වැඩ කරපු ගාමන්ට් එකෙන් ඕවලොක් මැෂිමක් ලැබුණා. ෆේස් බුක් එකේ හිතවතකුගෙන් සිංගර් එම්බ්‍රොයිඩර් මැෂිමක් ලැබුණා. ෆෙස් බුක් එකෙන් අඳුන ගත්තු ඩොක්ටර් ලලනිත් මට මැෂින් එකක් හා මේසයක් දුන්නා.. ඔහොම ලැබුණ උදව් එක්ක අපි ජීවත් වෙන්න පටන් ගත්තා. අම්මයි මායී පාන්දර 3 විතර වෙනකන් කොට්ට උර, බෙඞ් ෂීට් මැහුවා. වෙන අය රෙදි කපලා පිටට රෙදි මහන්න දෙන තැන් වලින් රෙදි ගෙනත් මැහුවා. ඔහොම තමයි බෙහෙත් වලටයි යන්න එන්න මඟ වියදම් වලටයි, ජීවත්වෙන්නයි වියදම හොයා ගත්තේ.

ඒ අතරේ ගයාචන්ද්‍ර සර් මට කකුලක් හදලා දුන්නා. ඊට පස්සෙ ටික ටික මං මගේ වැඩ තනියම කරගන්න පුරුදු වුණා. මාව බලන්න ආව නේචර් සීක‍්‍රට් ආයතනයේ වැඩකරන අපේ ඉස්කෝලෙටම ආව අයියා කෙනෙක්, මගේ ජීවිතේ බාරගත්තා. අපි විවාහ වුණා. ”

එදා පටන් රොෂාන් මදුසංකගෙ ආදරය, රැුකවරණය සඳමාලිට ලැබුණේය. එය ඇගේ අම්මාගේද හිතට හයියක් විය. අද සඳමාලි දරු සුරතල් බලන්නට ආසන්නව සිටින්නීය. ඒත් සඳමාලිලා තාමත් අසරණය. කුලී ගෙදරට කුලී ගෙවාගෙන, බෙහෙත් වියදම් දරාගෙන ඔවුන් ජීවත්වෙන්නේ අමාරුවෙනි.

”ගෙවල් කුලී ගෙවලා ගෙදර වියදමයි, මගේ වියදමයි ඔක්කොම බර එයාගේ වැටුපෙන් දරන්න අමාරු නිසා මං පොඩිවට වැඩක් පටන්ගත්තා. ඒ මගේම දෑතින් කාඞ් නිර්මාණය කරන්න. මේ කාඞ් මුලින්ම හදන්න මං පුරුදු උනේ ආදායම් මාර්ගයක් කරගන්න හිතාගෙන නෙවේ. කකුල් දෙක කපලා රෝහලේ ඉන්නකොට, ඒ වේදනාව දරාගන්නයි අමතක කරන්නයි යූ ටියුබ් බලලයි මං ඔය කාඞ් හැදුවේ.

ඒ කාඞ් සුන්දර විදිහට නිමවෙද්දී අද මං ලබන මානසික සුවය මෙච්චරයි කියන්න බෑ. අබ්බගාත මං දරුවෙකුත් බඬේ තියාගෙන එක තැනකට වෙලා ඉඳිද්දී දැනෙන මානසික පීඩනය වචන වලින් ගලපන්න අමාරුයි. ඒ වේදනාව ඒ අපහසුතාව මේ වැඩෙන් අමතක වෙනවා විතරක් නෙවේ ජීවත්වෙන්න පොඩියට ආදායමකුත් ලැබෙනවා දැන් ”.

යුවතියක ලෙස එකතු කළ සොඳුරු සිහින යායේ තනිව කඳුළු සලන්නට තරම් කාරණා ජීවිත පොතට එකතුවෙද්දී සඳමාලි වත්සලා ඒ ජීවිත පොත වසා දමා දිරියෙන් ගොඩනැගෙන ඇගේ අලූත් ජීවිත පොත හැඩ කරමින් ලියන්නට පටන් ගත්තේ අහිමිව ගිය සොඳුරු සිහින ළඟ හඬා, දොඩා හෝ ජීවිතයෙන් පලාගොස් පළක් නැති බව බුද්ධියෙන් වටහාගත් නිසාය. ඒ බුද්ධියට ඇයට වැඩිපුර ශක්තියක් වූයේ ඇගේ මුහුණු පොතේ හිතවතුන් සේම ජීවිතයේ දුක, සැප බෙදාගත් හිතවතුන්ය. ඒ නිසා ඈ වැටුණේවත්, පැරදුණේවත් නැත.

”මගෙ ජීවිතේ ලොකූ ප‍්‍රාර්ථනා නෑ. මං අතහරින්න පුරුදු වුණ කෙනෙක්. ඒත් පුංචි හීනයක් තියෙනවා. මගේ කියලා වහලක් යට දවසක් හරි අම්මයි මගේ පුංචි පවුලයි එක්ක බත් කටක් කන්න. මං විශ්වාස කරන විදිහට හීන මිනිස්සුන්ව ජීවත් කරවනවා. ඒ නිසා මං මගේ හීනේ වෙනුවෙන් ජීවත් වෙනවා.

මේ වෙනකොට ගෙවල් අවට පොත් සාප්පු කීපයකට මං උපන්දින සුබ පැතුම් පත් හදලා දානවා. යාලූවන්ගෙන් මංගල උත්සවවලදි වෙඩින් කාඞ් වලටත්, කේක් පෙට්ටිවලටත් ඉඳහිටලා ඇණවුම් ලැබෙනවා. ඒ විදිහට හරි මට මගේ වියදම්වල බර හොයාගන්න පුළුවන් වෙනවා නම් ඒක මං ලබන තව ජයග‍්‍රහණයක්. ඒ අතරේ උපන්දින සුබ පැතුම් පත්, නත්තල් කාඞ්, ස්තූති කාඞ් වගේ ඒවත් නිර්මාණය කරනවා. ඒ ඇරුණහම මං අම්මවත් එකතු කරගෙන ළදරු ඇඳුම් මහනවා. පුංචි බේබි ගවුම්, නැපි, කොට්ට උර, ටවල්, කොට් ෂීට් ඇණවුම් අරගෙන මහනවා. තවම කකුල්වලට වෛද්‍ය ප‍්‍රතිකාරත් ලබනවා. ඒ රෝගී තත්ත්වය තවමත් මගේ ඇෙඟ් තියෙනවා. ජීවිතේ හරි වෙහෙසයි. ඒත් හිත හදා ගන්නත්, ආදායමක් හොයාගන්නත් ආසාවෙන් මං මේ දේවල් කරන්නේ. මගේ කාඞ් වලට තව ඇණවුම් ලැබෙනවානම්.. මගේ ජීවිතේට ඒක ලොකු උදව්වක් වෙනවා.. ”

බියංකා නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *