සුරංගනා කථාවක වගේ, හැබැයි, මේ අධිවේගයේ සිදු වූ අනතුරකින් මාර්ගයම චොකලට් ගංගාවකින් වැසුණු හැටි

චොක්ලට් දියර රැගෙන යමින් තිබූ බවුසරයක් බටහිර පෝලන්තයේ අධිවේගී මාර්ගයක් මත අනතුරට පත් වී තිබෙනවා. එම චොකලට් බවුසරය ලිස්සා යාමෙන් අධිවේගී මාර්ගයේ මංතීරු දෙක හරහා මෙම බවුසරය පෙරලී තිබෙන බවයි වාර්තාවන්නේ. අනතුරෙන් පසු මාර්ගය පුරා සහ ඒ අවට චොක්ලට් දියර ගලා ගොස් තිබුණා. පාර පුරා විසුරුණු දියර චොක්ලට් ඝන වීමෙන් පසු එය ඉවත් කිරීමට විශාල මෙහෙයක් දැරීමට ගිණි නිවන හමුදාවට සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මාර්ගය පුරා විසිරී ඇති චොක්ලට් ඉවත් කර තිබෙන්නේ උණු වතුර යොදා ගෙන බවද පැවසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *