ගාලු මුහුදෙන් හමුවූ කිලෝ 40ක් බර පිළිමය බෝසත් රුවක්ද ? දේව රුවක්ද ? පිළිමයේ ඇත්ත නැත්ත මෙන්න

ගල්මල් නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සහ ඔහුගේ මිතුරකු ගාල්ල කොටුව ආසන්න මුහුදේ කිමිදෙමින් සිටියදී මෙම පිළිමය හමුවී තිබුණා.

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් තිබු බවත් ඔවුන් පවසනවා. පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරාද සමග කිමිදී පිළිමය ගොඩට ගත් බවත් කමල් පැවසුවා. දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙසට විහාරාධිපති පනංගල හේමාලෝක හිමිපාණන්ගෙන් ඉල්ලාසිටි බවද පිළිමය සොයාගත් කමල් මහතා ප්‍රකාශ කළා.

මෙම පිළිමය උඩුකය පමණක් සිටින සේ නිර්මාණය කරන ලද එකක් වන අතර එයින් නිරූපණය කර ඇත්තේ බෝසත් රුවක්ද එසේ නැත්නම් වෙනත් දෙවි කෙනෙකුගේ රුවක්ද යන්න පිලිබඳව එය නැරබීමට පැමිණෙන්නන් විවිධ අදහස් පළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *