මංජුලාගේ කීමට දිල්ෂාන් නළුකම තෝරාගෙන කල අපුරු වැඩක් බලන්නකෝ – වීඩියෝ

කාලයක් ක්‍රිකට් පිටිය හොල්ලපු තිලකරත්න ඩිල්ෂාන් කියන ක්‍රීඩකයා අද නළුවෙක් බවට පත් වෙලා. මොකක්ද මේ වෙනස ?
ඇත්තම කියනවා නම් මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මගේ ආදරණීය බිරිඳ මංජුලාට තමයි “මිතු” ටෙලි නාට්‍යයට මුලින්ම ආරාධනා ලැබුණේ. ඒ ගැන කතාකරන්න මංජුලා එක්ක මාත් ගියාම “මිතු” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශාන්ත සොයිසා “ඩිල්ෂාන් චරිතයක් තියෙනවා කරන්න කැමතිද ?” කියලා මගෙන් ඇහුවා. මුලදී මම කැමති වුණේ නැහැ. ඊට පස්සේ මටත් ඒක අමතක වුණා.

ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලට මම මංජුලා එක්ක ගියාම එතනදීත් ශාන්ත අයියාගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. “මල්ලී අපි මේක කරමු ඔයාට රගපාන්න පුළුවන්” කියලා මාව දිරිමත් කළා. පස්සේ මංජුලාත් කිව්වා. “ඩිල් ඔයාට පුළුවන්….. අපි මේ චරිතේ කරමු…” කියලා ඔය විදිහට තමයි මම පුංචි තිරේට නළුවෙක් විදියට පය තිබ්බේ මෙන්න මේ වගේ දෙයක් තමි එතැනදී වුනේ.. මේ ඔවුන්ගේ අදහසයි. පහත වීඩියෝව නරබන්න ඔහු සහභාගී වූ අපුරු ටෙලි කතාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *