IPL තියුණු සටනේ මහේලගේ පිලේ සුපිරි පිතිහරබය හමුවේ විනිසුරුවන් බිම ඇද වැටේ

2018 අයි.පී.එල්. තරඟාවලියේ රාජස්ථානයේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය කඩුළු 3කින් ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරඟයේ අවසන් පන්දුවාර තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත මෙම තරඟය රාජස්ථාන් පිල ජයගත්තේ ලකුණු 168ක ඉලක්කයක් හඹා යමින්.

මේ අතර මේ තරගයේදී මුම්බායි කණ්ඩායමේ හාර්දික් පාන්ඩියා එල්ල කල පහරකින් බේරීමට උත්සහ කල විනිසුරු රෝඩ් ටකර් බිම ඇද වැටීමද කාගේත් අවද්දනය දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.

උණුසුම් වූ තරඟය මැද ප්‍රේක්ෂකාගාරය හිනැස්සූ ඩිවිලියස් සහ ඇන්ඩර්සන්ගේ කඩුලු අතර දිවිල්ල – වීඩියෝ

බැංගලෝර් පිල සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් පිල අතර බැංගලෝර්හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති තරඟය සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවූ තරඟයක් බවට පත් වුණා. මෙම තරඟය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 06කින්. තරඟයේ බැංගලෝර් පිළිතුරු ඉනිමේ 16 වන පන්දුවාරයේ පන්දුවට පහරදෙමින් සිටි ඒ.බී. ඩිවිලියස් සහ කොරේ ඇන්ඩර්සන් ලකුණක් ලබාගැනීමට යාමේදී දුවද්දී දවා ගැනීමේ අවස්ථාවකට පහසුවෙන් හසුකර ගැනීමට තිබූ අවස්ථාව දිල්ලි පන්දු රකින්නන්ට අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා. එම අවස්ථාවේ පන්දුවට පහරදුන් ඒ.බී. ඩිවිලියස් ලකුණක් ලබා ගැනීමේ අරමුණින් අනෙක් අන්තයේ සිට දිව එන කොරේ ඇන්ඩර්සන්ට ආපසු හැරී යන ලෙස සංඥා කරනවා. අනතුරුව ඇන්ඩර්සන්ට ආපසු හැරී තමා සිටි අන්තයට දිව යන අතර අනෙක් අන්තයේ සිට ආපසු හැරී යන ලෙස ඇන්ඩර්සන්ට සංඥා කළ ඩිවිලියස් ඇන්ඩර්සන් පසුකර දිව යන්නේ ලකුණක් එක්කර ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් පිතිකරුවන් දෙදෙනාම පන්දු යවන අන්තයේ ග්‍රීසය අසලටම දිවගොස් තිබූ අතර ඇන්ඩර්සන් අපසු හැරී පන්දුවට පහරදෙන අන්තය වෙත දිවයනවා. ඩිවිලියස් එල්ල කළ පන්දු පහර රැකගෙන නිසි ආකාරයෙන් පන්දු යවන්නා වෙත යොමු කිරීමට පන්දුව රැකගත් ගෞතම් ගාම්භීර් අපොහොසත් වන අතර ඒ හේතුවෙන් පහසුවෙන් දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් දිල්ලි පිලට මඟ හැරී යන්නේ අවාසනාවන්ත ලෙසයි. කෙසේ වෙතත් එම සිදුවීම දිල්ලි ක්‍රීඩකයින්ට අවාසනාවන්ත සිදුවීමක් වුවත් ඩිවිලියස් සහ ඇන්ඩර්සන් අතර සිදුවූ පැටලවිලි සහගත සිදුවීම තරඟ නරඹන්නන්ට සහ බැංගලෝර් ක්‍රීඩකයිගේ මුවගට සිනහවක් එක්කළ සිදුවීමක් වුණා.

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑටත් පාරේ සෙල්ලමේ – වීඩියෝ

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන අදියර පැවැත්වෙමින් තිබියදීයි. සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේදී මාර්ගයේ ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් දැක තෙන්ඩුල්කාර් එම ස්ථානයට පැමිණ ඔවුන් සමග එක්වී තිබෙනවා. ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින එම ස්ථානයෙන් රථ වාහනවල ගමන් කරන පිරිස් ද තෙන්ඩුල්කාර් දැක ගැනීමට පැමිණ ඇතැයි සඳහන්. සචින් තේන්ඩුල්කාර් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසට කටයුතු කරනවා. ඔහු එම තරගාවලියේ තරග 78 කට ක්‍රීඩා කර ලකුණු 2334 ක් ලබාගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ද සමගින්.

මෙන්න නැවතත් ක්‍රිකට් පිටියේ ලොකු වෙනසක් සිදු කරමින් ලංකාවට එකතුවන අලුත්ම පුහුණුකරු මුෂ්තාක් අහමඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වූ පෝතාස් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුණා. කෙසේවෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමඟ පෝතාස්ට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා.

මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමෙන් අනතුරුව නිවාඩු ලබා සිය රට බලා ගිය පෝතාස් මේ වන තෙක් පැමිණ නැති අතර, ක්‍රිකට් ආයතනය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පෝතාස් පසුගිය 13දා මෙම තීරණය ගෙන ඇති බවද පැවසෙනවා. මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සදහාද ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ඉල්ලුම්පත්‍ර කැඳවා තිබෙනවා. ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වී ඇති විදෙස් ක්‍රීඩකයන් අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වන මුෂ්තාක් අහමඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.