මෙන්න රජයේ යට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් මෙන්න විශේෂ නිවාඩුවක්

පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා. මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින් එදින පෞද්ගලික අංශයටත්, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටළුවක් කර නොගත යුතු බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා

මුහුද ගොඩ ගලයි.. කාලගුණය කැළඹෙයි

අනිද්දා දිනය වන තෙක් පුත්තලමේ සිට ගාල්ල හරහා මඩකලපුව තෙක් මුහුදු තීරය රළු වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරු ඇගවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඇතැම් ස්ථානයන්හි මුහුදු රළ මීටර 02ට වැඩියෙන් උස්වනු ඇති බවද සදහන් කරන ඔවුන් මුහුදු යාමෙන් වලකින්නැයි ධිවර ජනාතාවට උපදෙස් දී තිබේ. මේ නිසා ඊයේ දිනයේ හික්කඩුව තෙල්වත්ත ප‍්‍රදේශයේදී මුහුද ගොඩගලා ගාළු පාරටද ජලය පැමිණ තිබින. මුහුද රළුවීම නිසා ඇතැම් ධීවර යාත‍්‍රාවලටද අලාබ සිදුව ඇත.

අද පස්වරුවේ තද සුළං එක්ක පළාත් රැසකට සිදුවෙන දේ ! තව කෙනෙකුට දකින්න ෂෙයාර් කරන්න

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අදත් පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී තද සුළං ද අපේක්ෂා කළ හැකි අතර, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.

රටම අවුරුද්දට සූදානම් වෙද්දී අද සවස හදිස්සියේ කාලගුණයේ සිදුවන වෙනස මෙන්න

අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම කාලය තුළ ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කාලගුණය අයහපත් වෙයි අනතුරු ඇඟවීම් නිකුත් කරයි – වහාම ඉවත් වෙන්න

රත්නපුර හා කෑගල්ල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සමඟ ජාතිය ගොඩනැගීමේ පර්යේෂණ ආයතනය මඟින් නායයෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කිරිඇල්ල, ඇහැළියගොඩ, අයගම, කුරුවිට, රත්නපුර හා කොළොන්න යන ප්‍රාදේශීය කොට්ඨාසවල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යන ප්‍රදේශයේත් මෙම නායයෑම් නිවේදනය වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල මිලිමීටර 75කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් ‍නායයෑම් ඇති විය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ හේතුවෙන් ජනතාවට විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. විශේෂයෙන් නාය යන ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශයන්ගෙන් ඉවත් වෙන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ප්‍රවීණ රංගන ශිල්පී රත්නාවලී කැකුණවෙල ජීවන ගමනින් සමුගනී මැතිණියනි ඔබට නිවන්සුව – වීඩියෝ

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක්.

දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා. 1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.

එක්වරම මුළු කොළඹ අඳුරු වෙයි – කාලගුණයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

දිස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන් බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වල තරමක් තද වැසි ( මි.මි 75 පමණ) ඇති විය හැකි බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාගේත් සිත් පිනවූ “ජනා” සුළු මොහොතකට පෙර අවාසනාවන්ත ඉරණමක

ඔබ කාගේත් සින් සතන් සන්සු ජනයි ප්‍රියයි මෙන්න අලුත්ම වීඩියෝව. අපි හැමෝම ආදරේ කරන youtube හොල්ලපු ආදරණීය තරු දෙකක් තමා ජනයි ප්‍රියයි කියන්නේ කතා කරන්න දෙයක් නා ඉතින් මතක් උනත් හිනා යනවා නේ බලන්නකෝ අපේ ප්‍රියා අනතුරකට ලක්වෙලා පහල තියෙන්නේ ඒ වීඩියෝ එක බලලා හොදයිනම් යාලුවන්ට බලන්න Share කරන්න

පුංචි ඡන්දය ලොකු කරගන්න අල්ලස් දෙන්න ගිය අසාද් සාලි හසුවෙයි – වීඩියෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ඡන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ (31) පිටකොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පරණ යොන් වීදියේ වෙළඳ සැලක් තුළ මෙම භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කොට තිබෙනවා. සිද්ධිය සැලවූ වහාම වෙිල්ලවීදිය පොලිසියේ නිලධාරින් අදාල ස්ථානය වෙත පැමිණ තිබෙන අතර සිද්ධිය පිළිබඳව ඔවුන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න….

මේ පාර ඡන්දෙට නිවාඩු ගන්න හිතන් ඉන්න අයට නිවාඩු නම් ලැබෙන්නේ මෙන්න මේ වගේ

ගොඩක් අය බලන් ඉන්නේ මේ මාසේ 10 වෙනිදා ඡන්දෙත් එක්ක හොද නිවාඩුවක් දල ගෙදර යන්න. ඔන්න ගෙදර යන්න බලන්න යට තමයි මේ කියන්න යන්නේ. බලන්නකෝ ඔයාලට ඡනදේට කොහොමද නිවාඩු ලැබෙන්නේ කියල

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවන අයුරින් නිවාඩු ලබා දෙන ලෙස සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බව නිවේදනයේ සඳහන් වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.