සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් මෙන්න අලුත් අවුරුද්ද ඔයාගේ ලග්නෙට කොහොමද බලන්න

2017 වසර පසුගිය වසරක් බවට පත් කරමින් සිරි සුභ නව වසරක් උදාවී තිබේ. නව වසරක් එලඹීම යනු කැලැන්ඩරයේ තවත් එක් දිනක් එලඹීම නොව නැවුම් බලාපොරොත්තු පොදි පැදගෙන සිටින අපිට ගෙවිගිය වසරේ සිදුවූ දුර්වලතා සහ අඩුපාඩු මග හරවා ගනිමින් සෑම දෙයක්ම අලුතෙන් ආරම්භ කිරීමට අවස්තාවකි. ලැබුවාවූ නව වසර ඔබට , ඔබගේ පවුලේ සැමට සහ සමස්ත රටවාසීන්ටම සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා යැයි නෙත් ගොසිප් අප ප්‍රාර්ථනා කරමු.

මේ අතර නව වසරක් එලඹීමත් සමග බොහෝ දෙනා නව වසර පිළිබදව ජ්‍යෝතිශ්‍යානූකූලව පලාඵල දැන ගැනීමට උණන්දු වෙති. අදින් උදාවූ නව වසර ඔබට සහ රටට බලපාන අයුරු ජ්‍යෝතිෂ්‍යයෙන් විග්‍රහ කෙරෙන ලග්න පලාඵල පහතින් , අන්තර්ජාලයේ උපුටා ගැනීමකි

ඔබේ නිවසේ ප්‍රධාන නිදන කාමර තියෙන්නේ මොන දිශාවේද මෙනන් ඔබම ඔබේ නිවසේ දෝෂ හරියටම දැනගන්න

නිවසේ වාස්‌තු සිද්ධාන්ත හැකි තරම් එකඟ කර ගැනීමට ඔබ උනන්දු විය යුතු අතර නිවැරැදි කරගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම නොකළ යුතුයි. මන්දයත් අල්ප දෝෂ ගුනාධික්‍යයඃ – දෝෂාය න භවිත් ගෘහඃම් කියා විශ්ව කර්ම සෘෂි විශ්ව කර්ම තන්ත්‍ර හි අවසාන වශයෙන් පෙන්වා දී ඇති හෙයිනි. එහි තේරුම පුංචි පුංචි දෝෂ තිබුණට කලබල නොවිය යුතු බවත් ගුණ පැත්ත වැඩිනම් දෝෂ හටනොගන්නා බවයි.

මේ නිසා ඔබත් නිවසේ විධිමත් කරගත හැකි කොටස්‌ හැකිතාක්‌ නිවැරැදි කර ගැනීමට උත්සාහ කළ යුතු අතර අනෙකුත් දෝෂ සඳහා ද වාස්‌තු පිළියම් යෙදීම කළ හැකි බැවින් නිවස කඩා බිඳ දැමීමට හෝ නිවසට දොස්‌ නැඟීමට උත්සාහ නොකළ යුතු වේ. ඔබ විසින්ම ඔබගේ නිවසේ දෝෂ නිසි ආකාරව බලන්න පහත වීඩියෝව නරබන්න

2017 අවසන් වීමට පෙර ඉතා ප්‍රබල ග්‍රහ මාරුවක් ග්‍රහ ලොව රජු “රවී” ග්‍රහයාගේ මාරුවීම ජිවිතයට කෙසේ බලපානවද

ජ්‍යොතිෂය යනු වර්තමාන සමාජයේ බොහො දෙනා උණන්දු මාතෘකාවක්. ජ්‍යොතිෂයට අනුව ඉතා වැදගත් ග්‍රහ මාරුවක් පසුගිය දින සිදු වුනා. එනම් 2017 නොවැම්බර් 16 වැනි බ්‍රහස්‌පතින්දා දින දහවල් 12.22 ට ග්‍රහලොව රජු හෙවත් රවි ග්‍රහයා (සූර්යයා) තම මිත්‍ර රාශියක්‌ වන කුජ හිමි වෘශ්චික රාශියට පිවිසීමයි.. ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි ග්‍රහ මාරුව 2017 වසර අවසන් වීමට පෙර සිදුවන ඉතාමත් ප්‍රබල ග්‍රහ මාරුවකි. මෙම ග්‍රහ මාරූව ලග්න හිමියන්ට ප්‍රබල ලෙස බලපාන ඇති බවට ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් කල්පගේ පවසනවා. රවී මාරුව ලග්න වලට බලපාන අන්දම ඇතුලත් ජ්‍යොතිෂවේදී සම්පත් කල්පගේ සකස් කළ ලග්න පලාපල සටහන පහතින් ,

මේෂ

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතු වල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට බාධා ඇති වනු ඇත.

වෘෂභ

මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය.

මිථුන

ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනා ගැනීමට අවස්‌ථා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කටක

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතුද මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ

විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාලසීමාව තුළ යම් පමණකට උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා ඔබ කාර්යබහුල වීමට ඉඩ ඇත. සහෝදරයෙකුට යම් අපලතාවක්‌ පෙනේ. ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේදොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.

කන්‍යා

කාලයක්‌ පැවති රෝගාබාධවලින් සුවය ලැබෙන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. ඉහළ රැකියා හා රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදාවනු ඇත. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

තුලා

සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලද යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ.

වෘශ්චික

උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධකද ඇතිවිය හැකිය.

ධනු

ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේ දී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරා ගත දේපළ වාසි හිමිවේ.

මකර

සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. පැවති රෝග වලින් සුවය ලැබේ. ශරීරය පැහැපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැයි ජයග්‍රහණ හිමිවන කාලයකි.

කුම්භ

ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. පැවති නඩු හබවලින් පහසුවෙන් ජයගත හැකිය.

මීන

මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගත හැකිය. ඥාතීන් සමඟ හිතවත්කම් ඉහළ යැමට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමි වනු ඇත.

සැකසුම : ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් කල්පගේ