තම සාක්කුවේ තිබු ජංගම දුරකථනය නිසා තමන්ගේ ජීවතයක් අවසන් ගමනට යන්න සිද්ද වුනා

18 හැවිරිදි තරුණියක් දුරකථනයේ බැටරිය ආරෝපණය සඳහා විදුලිය සමඟ සම්බන්ධ කරමින් යහළුවන් සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගනිමින් සිටියදී පුපුරා යෑම නිසා ජිවීතක්ෂයට පත්වු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පිපිරීමෙන් පසු ඇයගේ අත්, පපුව සහ කකුල් දැඩි ලෙස තුවාල වී ඇති අතර සිහියද නැතිවී ගොස් ඇත.

ඇයගේ සහෝදරයා පවසා ඇත්තේ දහවල් ආහාර ගැනීමෙන් පසු මෙම සිදුවීම සිදුවු බවයි. වැඩිදුරටත් සඳහන් වන්නේ බැටරිය ආරෝපණය සඳහා විදුලියට සම්බන්ධ විගසම බැටරිය පුපුරා ගිය බවයි. මෙය සිදුව ඇත්තේ ඉන්දියාවේ Kheriakani නම් ගම තුලදියි.

ඡායාරූප පහතින්.

දිනක්ෂිගේ උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් සාරංග මුහුණුපොතේ දැමූ සටහනක් බුකිය පිස්සු වැට්ටුවේ මෙන්න මෙහෙමයි

දිනක්ෂි ප්‍රියසාද් වගේම සාරංග දිසාසේකරත් තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක්. දිනක්ෂිගේ උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් සාරංග මුහුණුපොතේ දැමූ සටහනක් ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන්. ආරණීය රසිකයන් වගේම ජනප්‍රිය තරු බොහොමයක්ම දිනක්ෂිගේ උපන්දිනයට සුබපැතුම් එක්කර තිබුණා. සාරංග දිනක්ෂි ගැන පසුගිය කාලේ විවිධ කතා හුවමාරු වුණා. සාරංග එක්කළ සුබ පැතුම පහතින්…

බෙල්ලන්විල හිමිගේ අපවත් වීම අභිරහසක් වෙයි මෙන්න මරණපරීක්ෂණයෙන් හෙළි වෙච්ච කතාව

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සිටි ‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේ සිදුවුනු බවට කියු අනතුරක් නිසා රෝහල්ගත කල අතර ඉන්පසු උන් වහන්සේ (03) වනදා අපවත් විය.

පසුව මේ සම්බන්ධව විවිධ අදහස් පල උනු අතර හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීම පිලිබදවද ඇතැමුන් ප්‍රශ්න කර තිබුනා.

කෙසේ වෙතත් බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක්‌ බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි. කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක සහ ජ්‍යෙෂ්ඨ චතුර නන්දසිරි යන මහත්වරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළහ.

උන්වහන්සේගේ ඉලඇට 9 ක්‌ පමණ කැඩී බිඳී ගොස්‌ තිබූ බවත් දකුණු අතට තුවාල සිදුවී තිබූ බවත් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය.

මහාචාර්ය නාහිමිපාණන් පසුගිය 2 වැනිදා පෙරවරු 9.00 ට පමණ විහාරස්‌ථානයේ සිටින “මියන් කුමාර” නමැති ඇතාට ආහාර ලබාදීමේදී සිදුවූ අනතුරකින් කළුබෝවිල මහ රෝහලටත් පසුව කොළඹ පෞද්ගලික රෝහලටත් ඇතුළත් කරනු ලැබූහ. එම රෝහලේදී සිදුකරන ලද පැය 10 ක ශල්‍යකර්මය අතරතුරදී උන්වහන්සේ අපවත් වූහ.

මේ අතර උන්වහන්සේගේ හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය බොරලැස්‌ගමුව හදිසි මරණ පරීක්‍ෂිකා මල්ලිකා සුගතදාස මහත්මිය විසින් සිදුකරන ලදි. මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ඒ. ඩී. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් බණ්‌ඩාර (34137) මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්‌ථානයේ සිටි ඇත්ගොව්වකුගෙන්, විහාරයේ හිමිවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන-බොරලැස්‌ගමුව

මීට පෙර බෙල්ලන්විල හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන වසන්ත දිසානයක මහතා සටහනක් තබමින් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසයි

” වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත. පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?.

එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද? පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද? මේ රටේ සිදුවන සියල්ල පෙනෙන හැටියටම පිලිගන්න අකමැති මා වැනි හුදි ජනයාගේ සැක දුරු කරනු මැනවි.

ලිපිය උපුටා ගත් එකකි

හුරුබුහුටි වෙන්න ලස්සන ඇදුමක් ඇන්දට ෂෙහානි කහදවල වුනේ කට්ටියම ඉස්සරහ ලජ්ජා වෙන්න

කලා ලොවේ සුරූපී දඟකාරිය ෂෙහානි කහඳවල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ දිනවලදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ ඇය මෑතකදී පැවති උත්සවයකට ඇඳගෙන ගිය තරමක් සරාගී ඇඳුමක් නිසාවෙනි.

එම ඇඳුමට ෂෙහානිගේ හුරුබුහුටි පෙනුම ඉස්මතු වී පෙණුනද ඇයගේ ශරීර අවයවයක් එම විලාසිතාව හේතුවෙන් ඉස්මතුවී තිබීම නිසා බොහෝ අය ඇයගේ එම ඇඳුම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබුණා.

විශේෂයෙන් ජනප්‍රිය තරුවන ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට යෑමේදී තම ඇඳුම් ආයිත්තම් පිළිබඳව වඩා සැලකිලිමත්වීම අතිශය වැදගත් බව බොහෝ දෙනාගේ අදහසයි.

සුපිරි ක්‍රීඩකයාගේ විවාහය දෙදරා ගියේ අනියම් පෙමක් නිසයි? හේතු හෙළිවෙයි

පසුගිය දවස්වල කතාවූ මාතෘකා අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වූ දෙයක් තමයි මෙරටින් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා යාම ගැන.

මේ ගැන සමාජජාල මාධ්‍යයන් ඔස්සේ විවිධ කතා මතුවෙන්න ගත්තා. සාර්ථක යුග දිවියක් ගත කරපු එම යුවළගේ විවාහය බිඳී ගොස් ඇති බවටද වාර්තා පළ වුණත් මෙයට හේතුවක් සඳහන් වුණේ නම් නෑ.

වාර්තා වන ආකාරයට මේ යුවළ මීට මාස 07කට පෙර දික්කසාදය ලබාගෙන ඇති බවත් බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අදාළ ක්‍රීඩකයාට හසුවීම නිසා ඇගෙන් දික්කසාද වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ට සිටින එකම දියණියගේ අයිතිය බිරිඳට හිමිව ඇති බවටත් පැවසෙනවා.

අලුත් වූ ලෝක වර්තපොතේ ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලංකාවට එරෙහිව

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම විසින් සිය ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක දී වාර්තා කළ දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කරන්නට ඊයේ දිනයේදී සමත් විය. ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජය කර ලකුණු 163 ක දැවන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිමින්.

බංග්ලාදේශ කණ්ඩායම තරඟයේ මුලින්ම පන්දුවට පහර දී නියමිත පන්දු ඕවර 50දී කඩුළු 07ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 320 ක්, ඒ ශ්‍රී ලංකා පිලට එරෙහිව බංග්ලාදේශය විසින් ලබා ගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙසද වාර්තා තබමින්.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කළ ශ‍්‍රී ලංකා පිලට පන්දුවාර 32යි පන්දු 2ක් තුළදී සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි

18වසර කට පසු ඔන්න ලංකා සිතියමටත් වෙනස් වෙයි මෙන්න බලන්නකෝ වෙලා තියන දෙයක්

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන නව ශ්‍රී ලංකා සිතියමේ සිතියම් 65ක කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙන අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා කියා තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ විශාල වෙනසක් ඇති කරමින් සිදු කල කොළඔ වරාය නගරයද නව සිතියමට ඇතුලත් කරන බව වාර්තා වනවා.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද ඔහු පවසනවා. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් නව සිතියම සකස් කරන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බවයි මිණුම්පතිවරයා සඳහන් කරන්නේ.

18වසර කට පසු ඔන්න ලංකා සිතියමටත් වෙනස් වෙයි මෙන්න බලන්නකෝ වෙලා තියන දෙයක්

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන නව ශ්‍රී ලංකා සිතියමේ සිතියම් 65ක කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙන අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා කියා තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ විශාල වෙනසක් ඇති කරමින් සිදු කල කොළඔ වරාය නගරයද නව සිතියමට ඇතුලත් කරන බව වාර්තා වනවා.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද ඔහු පවසනවා. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් නව සිතියම සකස් කරන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බවයි මිණුම්පතිවරයා සඳහන් කරන්නේ.

පසුගිය දිනවල කාගේත් කතාබහට ලක් වූ රොෂාන් පිලපිටිය ජිවිතයට දෙවෙනි වතාවටත් වුනු දෙ මේ වතාවෙත්

පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වූ කෙනෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. ඒ රොෂාන් පිලපිටිය හා රිද්මා දිසානායකගේ විවාහයත් සමගයි. අපි මේ කියන්න යන්නේ ඔවුන්ගේ විවාහය ගැනනම් නෙවෙයි. රොෂාන්ට නැවත වරක් සිදුවූ දෙයක් ගැනයි.

ඒ රොෂාන් පිලපිටියගේ ෆේස්බුක් ගිණුම නැවතත් හැක් කරලා කියලායි. කොහොමවුනත් මීට පෙර අවස්ථා දෙකකදීම රොෂාන්ගේ ෆේස්බුක් ගිණුම හැක් කර තිබුණා. මේ බව කියලා තියෙන්නේ රොෂාන්ගේ බිරිඳ වන රිද්මායි. ඇය ඇගේ ගිණුම හරහා මේ බව රොෂාන්ගේ ප්‍රේක්ෂකයන්ට දන්වලා තියෙනවා. මේ එම සටහනයි.

ඉන්දීය ක්‍රිකට් නායක වීරත් කෝලි නිසා තම සිරුරට ගිනිතබා ගනිමින් දිවියෙන් සමුදදෙයි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් ඇතිවූ ශෝකය මත පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ සිය සිරුට ගිනි තබා ගනිමින්. විරාත් කෝලි සිය විවාහ මංගල්‍යයෙන් පසු සහභාගී වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වුයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයයි.

ඔහු එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 5 කට සහ දෙවන ඉනිමේ දී ලකුණු 28 කට දැවී ගියා. එතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට කෝලි දැවී යාම හේතුවෙන් ඇතිවු ශෝකය මතයි මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇත්තේ. සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබු ඔහු රත්ලාම් රෝහලේදී ඊයේ මරණයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දුම්රියේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලබා සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

සිය නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතරතුර ඉන්දීය කණ්ඩායමේ පරාජය හමුවේ ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. ආරක්ෂක අංශ වෙත ඔහු සඳහන් කර ඇත්තේ විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හමුවේ ඇතිවු ශෝකය මත තමා මෙම පියවර ගත් බවයි. සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 72 ක ජයක් හිමිවුනා.