සෙලල්ලම් කරද්දී ගසක ගැටගසා තිබු ලනුව පැටලී තමන්ගේම ගෙල සිරවී පුංචි දේවින්ද අවාසනාවන්ත ඉරණමක

ළමා කාටූන් වැඩසටහනක වීර චරිතයක් අනුකරණය කිරීමට ගොස් මියගිය දරුවෙකු පිළිබඳව පදවි ශ්‍රීපුර, ජයන්තිවැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර, ජයන්තිවැව, අටේ කෑල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ දේවින්ද මධුෂාන් නමැති වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක්. ත්‍රි/පදවි ශ්‍රීපුර ජයන්තිවැව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මේ දරුවා 2018 වසරේ 5 ශ්‍රේණියට සමත් වූ දරුවෙකු බවද සඳහන්.

ඊයේ (30) දහවල් කාලයේදී නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක තම මවගේ ඇඳුම්වලින් සැරසී හිසටද කාන්තා ඇඳුමක් පැළඳ කුඩා කෝන් ගසක අත්තක ගැට ගැසූ ලණුවක එල්ලී පැනීමට යාමේදී ලණුව බෙල්ලේ පැටලී මෙසේ මියගොස් තිබෙනවා.

වැලිඔය හදිසි මරණ පරීක්ෂක එන්.ඩබ්ලිව් බංදුසිරි විසින් ඊයේ සවස හදිසි මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීමට අනුරාධපුර අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී එච්.ඒ කරුණාරත්නට නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව අද (31) දහවල් අනුරපුර ශික්ෂණ රෝහලේදී පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදුකළ ඇති අතර එහිදී මෙය ගෙළ සිරවීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.

උපුට්ට ගැනීම අන්ට්ඨාර්ජලයෙන්

අධිවේගී මගේදී සිදුවූ රිය අනතුරකින් ජීවිත 30 ක් අවසන් ගමන්

කෙන්යාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස්රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මේ මාසය තුළ පමණක් එම මාර්ගයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිය දෙනෙකු මියගොස් ඇති අතර කෙන්යා‍වේ වාර්ෂිකව රිය අනතුරුවලින් පුද්ගලයින් 3000ක් පමණ මියයන බව වාර්තා වනවා.

යකෝ මුන් දෙන්නා අනූ නවයෙන් මරණයෙන් අම්මෝ….තව පොඩ්ඩෙන් කෑලි නැහැ

මහර වෙලාවට අනතුරු සොද්ධ වෙන්නේ අපි නොසිතන වෙලාවට, නොසිතන ආකාරයටයි. පෙර පින් තියෙන අය මරණයෙන් අනු නවයෙන් බේරෙන හැටි දැකල තියෙනවද?

ගොඩනැගිලි ඉදිකරන කම්කරු තරුණයන් දෙදෙනෙකු මරණයෙන් අනූ නවයෙන් බේරෙන එවැනි වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබුනා. ඔබම තීරණය කරන්න ඔවුන් දෙදෙනා මොනතරම් වාසනාවන්තද කියලා.

බිරිද සමග රුපවාහිනී නරබමින් සිටි මෙන්ඩිස් වෙඩි පහරින් අවසන් අමන යයි

ඊයේ රාත්‍රී 7.30 ට පමණ කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙති තබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කඩවත රන්මුතුගල ඌරුවල් මාවතතේ පදිංචි ආර්.එල් අජිත් පුෂ්පකුමාර නැමති 37 හැවිරිද පුද්ගලයෙක්. මෙන්ඩිස් නැමති අනුවර්ත නාමයකින්ද හඳුන්වන මොහු ‍ඊයේ රාත්‍රී 7.30 ට සිය නිවසෙහි බිරිඳ සමඟ රූපවාහිනිය නරඹමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුයි මොහුට වෙඩි තබා පළාගොස් ඇත්තේ.

මෙම යතුරුපැදිකරුවන් දෙදෙනා එදිනද මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් එක් වතාවක් මෙම නිවසට පැමිණ ගොස් ඇති අතර දෙවන වරද එම නිවසට පැමිණ මරණකරු බිරිඳගෙන් වතුර වීදුරුවක් ඉල්ලා තිබෙනවා. පසුව මරණකරුගෙ බිරිඳ වතුර රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබු පුද්ගලයා ඥාතීන් විසින් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවන බවයි වාර්තා වුනේ.

පියා, බිරිඳ හා දියණිය සමග ඇතිකර ගත් බහින් බස්වීම දුරදිග යාමෙන් අහිංසක මල් කකුල පරව යයි

නිවසේ කාමරයක නිදි කරවා සිටි අවුරුදු 3 1/2 ක් පමණ වයසැති සුරතල් දියණිය සුරඟන සිහින දකිමින් සුව නින්දකය. ඇගේ මව හා අත්තම්මා (මවගේ මව) නිවසේ සාලයේ රූප පෙට්ටිය අබියසය. සීයා (මවගේ පියා) නිවසේ මුළුතැන්ගෙයි පිල මත වැතිර ගෙනය. දියණියගේ පියා නිවසට නුදුරින් වූ ඔහුගේ මහ ගෙදරට ගොසිනි.

දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව රාත්‍රි 8 ට පමණ ඇත.

නිදි සුව විඳින දියණියට පොරවා තිබූ රෙදිකඩ ඈත් මැත් වී මදුරුවන්ගෙන් හා රෑ සීතලෙන් දියණියට පීඩාවක් වේදැයි සිතා මව දියණිය නිද‌ා සිටි කාමරයට ගියාය.

දියණිය ඇඳ මත නොවීය. මව අවට සිසාරා දෙනෙත් හෙළුවාය. කාමරයේ නැත්තේ දියණිය පමණි. ඇයට ගිනි පත්තු විය. ‘අම්මේ දුව නැ.’ යි ඇය කෑ මොර දුන්නාය.

මව්වරුන්​ ​ෙදදෙන ගෙයි කාමරවල අස්සක් මුල්ලක් නෑර සොයා බැලූහ. එහෙත් දියණිය පෙනෙන්නට දකින්නට නොසිටි හෙයින් ඔවුන් නිවසින් එළියට දිව ගියේ පිස්සියන් මෙනි.

මහගදරට ගොස් එමින් සිටි පියාද දියණිය නැති බව අසා පරල වූවා සේ විය. ඔවුනට ඔවුනොවුන් නොපෙනිණ. නෙත සිඳ ඇඳි රුව වූ දියණිය සොයන්නට වූහ.

පියාගේ සොහොයුරන් හා අසල්වැසියෝ ද ආරංචිය අසා රොද බැඳුණහ. ‘‘දුවේ ලකීෂා, පැටියෝ’’ යන ඇමතුම් හඬින් අවට පරිසරයේ වායු තලය ගිනියම් වී තිබිණ.

පියා තම අත වූ ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ගෙන යාබද ඉඩමේ වූ ළිඳ කරා දිව්වේය. ළිඳ තුළට විදුලි පන්දම් එළිය යොමු කළේය.

එය සිදුනොවිය යුත්තකි. එහෙත් යක්ෂයාගේ හෝරාව තුළ එය සිදුව තිබිණ.

ළිං ජලය මත පාවෙමින් තිබූ තම දියණියගේ සිරුර දුටු සැණින් පියා ළිඳට පැන්නේය. දියණියගේ සිරුර කර හොවාගෙන ළිඳෙන් දිය බාන බටය අල්ලා ගත්තේය. ළිඳට එබී හුන් පිරිස ඔවුන් දෙදෙනා ගොඩට ගනු ලැබිණි.

වාහනයකින් කුලියාපිටිය රෝහල වෙත රැගන ගිය දැරියගේ නිසල සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරු දැරිය මියගොස් ඇති බව පැවැසූහ.

ඒ යක්ෂයාගේ හෝරාව තුළ සිදු වූ ඛේදවාචකයයි.

මේ ඛේදවාචකයට ගොදුරු වූයේ කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ ඒ.එම්. ලකීෂා ලක්දුලි අලගියවන්න නමැති කුඩා දැරියයි.

නිවසේ සිටි දැරිය මේ ළිඳට වැටුණේ කෙසේද?

ඒ රහස හෙළිදරව් කර ගැනීමට විමර්ශන කටයුතු ඇරඹූ කුලියාපිටිය පොලිසිය මියගිය දැරියගේ පියා වන රසික ප්‍රේමරත්න (33) මව වන චාමලී චාන්දනී (30) දැරියගේ පියාගේ මව වන හැරියට් සෝමලතා (54) යන අයගේ ප්‍රකාශ මත සැකකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.

එම සැකකරු මියගිය දැරියගේ සීයාය. දැරියගේ මවගේ පියා වන හේ 51 හැවිරිදිය.

මෙම සිද්ධිය වූ දින සවස අධික ලෙස බීමතින් සිට ඇති සැකකරු තම බිරිඳ හා දියණිය සමග ඇතිකර ගත් බහින් බස්වීමකදී ‘මම උඹලට හොඳ වැඩක් කරන්නම්’ යැයි පවසා තිබීම අතුරුදන්ව සිටි දැරිය සොයා දෙමාපියන්, ඥාතීන් හා අසල්වැසියන් අවට සොයා බලද්දී සැකකරු ඊට සහභාගි නොවී කරබා ගෙන සිටීම, දැරිය ගැන විමසූ විට කිසි පිළිතුරක් නොදීමද සැක සහිත හේතු කාරණා වීම නිසා මෙම අපරාධය සම්බන්ධයෙන් එම සීයා සැකපිට අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි.

කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ භාරකරු පො.සැ. (49068) සුනිල් මාලිගරත්න මහතා යටතේ නිල සුනඛ ‘විකී’ සිද්ධිය වූ නිවස වෙත යොමුකොට පෙර දින කුස්සියේ පිල මත නිද‌ා සිටි සැකකරු හිස තබා ගෙන සිටි කොට්ටයේ ඉව ලබා දුන් පසුව නිවසේ පිටුපස දොරින් නිවසට පිවිස මියගිය දැරිය නිදි කරවා සිටි කාමරයේ ඇඳ මතට නැග අනතුරුව යාබද ඉඩමේ ළිඳ වෙත ගොස් නතර වී ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට හා කුලියාපිටිය රෝහලේ මාතෘ ශරීරාගාරයට ගිය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා දැරියගේ මරණය පිළිබඳ සිය පරීක්ෂණ හා නිරීක්ෂණ පැවැත්වීය.

සැකකරු සිය මිනිබිරිය (මරණකාරිය) කෙරෙහි දැඩි සෙ​ෙනහසකින් යුතුව සිටි බැව් පැවසෙන අතර ඇගේ නමෙහි කොටසක් වන ‘ලකීෂා’ යන්න සැකකරු තම වම් අතේ උඩ බාහුවේ පච්ච කොටා ඇති බවද පැවසේ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා දැරියගේ මරණය දියේ ගිලී හුස්ම ගැනීමට අපහසුවීමෙන් සිදුවූවක් බවත් ඇගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බවත් සිය වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත.

දැරිය නිවසේ කාමරයේ නිදි කරවා සිටියදී ඇය හැඳ සිටි ඇඳුම් ඇගේ සිරුර ළි​ෙඳන් ගොඩට ගනිද්දී ඇඟේ නොතිබූ බව පොලිසිය පැවසූ බැව් ඇතැම් මාධ්‍යවල දන්වා තිබීම අසත්‍යයක් බැව් සඳහන් කළ කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතා ළිඳෙන් ගොඩට ගත් දැරියගේ සිරුර කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගෙන්, දැරියගේ සිරුර නිරුවත්ව තිබූ බවක් හෙළි නොවී යැයිද පැවසීය.

කුලියාපිටිය පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, පොලිස් අධිකාරි (අංක 1) ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් හා කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. හැරිසන් සෝමසිරි, උ.පො.ප. බන්නැහැක, පො.සැ. (29269) ධර්මසිරි ​පො.සැ. (49120) ඤාණරත්න, පො.සැ. (30538) ලෙව්දෙණිය, පො.කො. (49754) රණසිංහ, පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ උ.පො.ප. සිරිසෝම, පො.කො. (49051) ප්‍රියන්ත පො.කො. (88923) සංජීව යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

උපුටා ගැනීම ලන්කදීප පුවත්පත

මෙන්න ලංකාවේ දනවතුන් වැවී වෙලාවද පිට පිට ගෙනාපු තුනවන ෆෙරාරි රථය ඊයේ ලංකාවට

පසුගියදා ශ්‍රී ලංකාවට ගුවනින් ගෙනා ෆෙරාරි මෝටර් රියක් පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ලොව ප්‍රමුඛතම සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකාවට මෙතෙක් නුහුරු වී තිබු අතර , එයට හේතුවී තිබුනේ සුපිරි මෝටර් රථ වලට පැනවුනු තීරූ බදුයි. කෙසේ වෙතත් දින කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවට ගෙන්වූ තෙවන සුපිරි ෆෙරාරී මෝටර් රථය පසුගිය 29 වෙනිදා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. පෞද්ගලික මෝටර් රථ ආනයන සමාගමක් මගින් ගෙන්වා තිබෙන මෙම සුපිරි මෝටර් රථය ෆෙරාරී 488 වර්ගයට අයත් වෙනවා. ෆෙරාරි වර්ගයේ මෝටර් රථ ලොව භාවිත කරන්නේ ධනවතුන් අතුරිනුත් ධනවතුන් පමණි. කිම් කාර්ඩෂියන් පැරිස් හිල්ටන්, ජස්ටින් බීබර්, ඩේවිඩ් බෙකම්, ආර්නෝල්ඩ් ස්වාසනෙගර්, නිකලස් කේජ් වැනි කෝටිපති තරු ෆෙරාරි භාවිත කරන අය අතර වෙති.

සදහන් වන ආකාරයට ශ්‍රී ලංකාවෙ පැරිස් ෆෙරාරි රථ 3ක් භාවිත වේ. ඉන් එකකක් හිමිකරු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින්ද ද සිල්වායි. සෙසු රථ නයිජල් ඔස්ටින් සහ සිදත් ප්‍රනාන්දු යන ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවේ. පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෝටර් රිය මීගමුව ප්‍රදේශයේ හෝටල් දාමයක හිමිකරු විසින් තම පුත්‍රයා වෙනුවෙන් ගෙන්වන ලද එකක් බව සඳහන් වන අතර මෙම ෆෙරාරී 488 මෝටර් රථය ගෙන්වා තිබෙන්නේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු විසින් බව රාවයක් පැතිර යමින් තිබෙනවා. එන්ජින් ධාරිතාව මත වාහන සඳහා බදු අය කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය මත අධි මිලැති වාහන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුවීම මත ඉදිරියේදී මෙවැනි වාහන වැඩි වශයෙන් මෙරටට පැමිණිය හැකි අතර මේ වන විට තවත් ෆෙරාරි රථ 3ක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට කටයුතු යොදා ඇති බව මේ පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය සදහන් කරනවා.

අවුරුදු 20ක් තිස්සේ තමන්ගේම දියණිය දූෂ-ණය කරලා මේ වෙද්දි ඒ දියණිය ළමුන් 08 දෙනෙක්ගේ මවක්

ඉතා ජනප්‍රිය ගායකයෙක් වන තීක්ෂණ අනුරාධ මේ කාලයේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු මේ ලදී තම පුංචි පැටිය එක්ක තම බිරිදත් සමග චයරුප කිහිපයක් අපට හමු වුනා. අන්තර්ජාලයේ උපුටා ගැනීමකි 

අවුරුදු 20ක් තිස්සේ තමන්ගේම දියණිය දූෂ-ණය කරලා මේ වෙද්දි ඒ දියණිය ළමුන් 08 දෙනෙක්ගේ මවක්

දරුවෙක්ට තමන්ගේ අම්මා තාත්තා තරම් වටින කිසිවෙකුත් නෑනේ. එත් මේ වෙනකොට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ගොඩක් අයට හිතෙන්නේ මේ බැඳීම ඉස්සර තරම් ශක්තිමත් නෑ කියලා.

අපි මේ කියන්න යන්නේ ඒ බව පසක් වෙන තවත් කතාවක්. තමන්ගේම දියණියව අවුරුදු 20ක් තිස්සේ වරින්වර දූෂණය කරපු 57 හැවිරිදි තාත්තා කෙනෙක් ගැන ආජන්ටිනාවෙන් වාර්තා වෙනවා. අදාළ දියණියගේ මවගේ වියෝවෙන් පසුව අවුරුදු 11 සිටම ඒ දියණිය අඹුකමට තියාගෙන ඉඳලා තියෙනවා.

මේ වෙනකොට ඇයට සිය පියාගෙන් දාව ළමුන් 08 දෙනෙකු සිටින බවටද විදෙස් වාර්තා දක්වනවා. කොහොමවුනත් මේ සිද්ධිය හෙළි වෙලා තියෙන්නේ එම දියණිය වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ එහි සිටි අය දරුවන්ගේ පියා කවුරුන්දැයි විමසා තිබූ අවස්ථාවේදීයි.

ඩී.එන්.ඒ පරීක්ෂණවලින් මේ දරුවන්ගේ පියා දියණියගේ පියාම බවට හෙළිවෙලා තියෙනවා. මේ සිද්ධිය පොලිසියට ආරංචි වුණ ගමන්ම සැකකරු පැනලා ගිහින් තිබ්බත් දවස් 45කට පස්සේ අල්ලගෙන තියෙනවා.

මගේ පුතාගේ පින්කමට මන් ශාලනිට කිවා මුස්ලිම් ගර්ල් කෙනෙක් වගේ හරි එන්න කියල, එත් අවේ නෑ..

දසුන් නිශාන් ද සිල්වා කියන නම රූපය අමතක වෙන්න විදිහක් නැහැ. මිට මාස තුනකට පෙර ඔහු ජිවිත රගමඩලට සමුදුන්නා. ඒ දෙහිතක ආදරේ බෙදා ගන්න බැරුව. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු දසුන් මිය ගිහින් දෙසැම්බර් 23 වැනිදාට හරියටම මාස තුනයි. ඔහුගේ මතකය කාට අමතක වුණත් ඔහුගේ ආදරණිය අම්මාට මල්ලිට අමතක වෙන්නේ නැහැ. මේ සංවේදී සටහන තබන්න ඔහුගේ ආදරණිය මවව හිරු ගොසිප් වෙත සම්බන්ධ කරගත්තා.මේ ඇයගේ අදහස් ගැනයි.

දසුන් මිය ගිහින් මාස තුනක් ගත වුණා. ඔහුගේ පිංකම සිදු වුණා. මුලින්ම ඒ ගැන කියමු..?

පුතා නැති වෙලා හරියටම මාස තුනක් ගත වුණා. පුතා වෙනුවෙන් අපි 24 රෑ බණ කියලා 25 දවල් දානේ දුන්නා. ස්වාමින් වහසේලා 11 නමක් හා මෙහෙණින් වහන්සේලා දෙනමක් හා කරඩුවක් පුජා කළා. ඒ වැඩකටයුතු නම් හොදින් කළා. මගේ පුතා වෙනුවෙන් මම කොහොමත් හැමදාම පිං දෙනවා. මම කන හැම බත් කටක් ගානේම.

ඔහුගේ අවමගුලට බොහෝ දෙනෙක් සහභාගී වුණා. පිංකමට එවැනි පිරිසක් සහභාගී වුණේ නැහැ කියලා ආරංචියි.. දසුන්ව හැමෝටම අමතක වෙලාද..?

මළගෙදර ආ සෙනග නම් පුතාගේ පිංකමට ආවේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බැහැ. නත්තල් නිවාඩු නිසා බොහෝ අය පුද්ගලික දේවල්වලට කාලය යොදවනවා. එහෙම ආවේ නැහැ කියලා මම නම් කාත් එක්කවත් අමනාපයක් නැහැ. පුතාගේ අම්මාට ටෙලි නාට්‍ය කිහිපයකම හිටියේ කුසුම් පෙරේරා. ඇය ආවා. ඒ වගේ පුතා එක්ක බෝඩිමේ හිටපු පුතාලා හා දුවක් රුවන් වික්‍රමසිංහ පුතා ආවා. ඊට අමතරම පුතාව මුලින්ම නිරුපන ශිල්පියෙක් කළ ජොනි සමන්තයි එයාගේ මල්ලියි පුතාගේ පාසලේ යාළුවෝ හා ශිෂ්‍යයින් ආවා. ඇත්තටම කිව්වොත් පුතා මැරුණට පස්සේ එයාව හුග දෙනෙකුට අමතක වෙලා.ඒත් මම එයාගේ අම්මා මට කවදාවත් මගේ පුතාව අමතක වෙන්නේ නැහැ.

ශලනි තාරකා ඔබට කතා කළෙත් නැද්ද..?

මට කතා කළේ නැහැ. ඒ අය හිතට එකගව ජිවත් වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පුතා නැති වෙලා මාස දෙකෙන් පහන් වැටක් පුජා කරලා ඒක ෆේස්බුක් එකේ දාලා. එහෙම කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මට මගේ යාළුවො කතා කරලා ඒ ගැන කිව්වා. මම ශලනිට එස් එම් එස් එකක් යැව්වා. ඔයා රගපාන්න දක්ෂ නිලියක්. එදා එන්න කියලා කිව්ව වෙලාවේ පොඩ්ඩක් ඉන්න එන්නම් කිව්වා නම් අදටත් මගේ තාත්තා ජිවත් වෙනවා. දොළොස්මහේ පහන නිවා ගත්තේ ඔයා. මගේ පුතාට පිං පිණිස කරන දේවල් ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න එපා කියලා. ශලනි නම් මට කතා කළේ නැහැ. මගෙන් හුගදෙනෙක් ඉල්ලීම් කළා තුන් මාසේ දානෙට ශලනිට එන්න කියන්න පුතා ආඩම්බර වෙයි අන්තිම මොහොතේ හරි එයාව ගෙනල්ලා බත් කටක් කන්න දුන්නා කියලා. ඒ නිසා මම එයාට කතා කරලා කිව්වා පුතේ ඔයා මුස්ලිම් ගර්ල් කෙනෙක් වගේ හරි ඇදලා එන්න කියලා. නැත්තම් මට මිනිස්සු ගල් ගහයි කියලා. මොකද හුගක් දෙනෙක් එයාට වෛර කරන නිසා. එයා කිව්වා අම්මාගෙන් අහලා එන්නම් කියලා ආවේ නැහැ. මම එයාට කතා කළ එක ගැන එයා දසුන්ගේ බිරිද සංදිපනිට කෝල් කරලා කියලා. ඒ කියන්නේ මගේ පුතා මරාගෙන මේ දෙන්නා එයාලගේ යාළුකම තවම පවත්වාගෙන යනවා.

අම්මා දසුන්ගේ බිරිදට පිංකමට කතා නොකළේ ඇයි ..?

මම කවදාවත් සංදිපනිට නම කියලා කතා කරලා නැහැ. පුතේ කියලා කිව්වේ. මොනා කරත් එයා මගේ පුතාගේ බිරිද නිසා.ඒත් එයා මගේ පුතා මැරුණ වෙලාවේ මට කෝල් කරලා කිව්වා අන්න අරූ මැරුණා කියලා. මට ඒ මොහොතේ මහා දුකක් ඇති වුණා. දේපල ඉල්ලුවා.පුතාගේ බයික් එක දැන් එයාගේ අයියා පදින්නේ. බැංකු පොත් ගත්තා. මට මේ කිසිදෙයක් වැඩක් නැහැ. ලක්ෂ 20ක් දෙන්න බැරි නම් ගෙදරින් පලයන් කිව්වා. පුතාගේ මිනිය තියෙද්දී බාත්රූම් එක ලගදී එයා මගේ පපුවට වැලමිටෙන් අන්නා හුස්මපවා මට හිර වුණා. ඒත් මම මොකුත්ම කිව්වේ නැහැ.ඇත්තටම කිව්වොත් මට සංදීපනී හා ශලනි ගැන දැන් තියෙන්නේ වෛරයක්.

පුතා මැරෙන්න සති දෙක තුනකට කලින් මට කතා කරලා පුතාට හෙන ගහන්න ඕන මැරියන් කියලා දොස් කිව්වා මම පුතාට ආශිර්වාද කළා ජිවත් වෙන්න එයාලගේ ශාපය තමයි මගේ පුතාට වැදුණේ.එහෙම කරපු එයාට මම ඇයි කතා කරන්නේ.මගේ පුතාගේ වැරදි තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ.මගේ ජිවිතෙන් මගේ පුතා උදුරා ගත්තා.එයාලා දැන් සතුටින් රට වටේ රවුම් ගගහා ජිවත් වෙනවා.

ශලනිගෙයි සංදිපනිගෙයි මැදිහත් වීම නිසා දසුන් ජිවිතෙන් වන්දි ගෙව්වා කියලද කියන්නේ..?

ඔව්. වෙන හැමදේම ශලනිත් සංදිපනිට කිව්වා. සංදීපනී පුතාට කතා කරලා ඒවා කියලා බැන්නා. පුතා මැරෙන්න කලින් ශලනිට කියලා තියෙනවා එන්න කියලා. තුන් හතර වතාවක් එයා බැහැ කියලා. පුතා කියලා එහෙනම් මම මැරෙනවා කියලා ඕන දෙයක් කරන්න කියලා ෆෝන් ඔෆ් කරලා. මේ දෙන්නම ඉවසුවා නම් මගේ පුතා ජිවතුන් අතර.

මම දරු දෙන්නත් එක්ක රුපියක් 2000ට කුලී ගෙයක ඉන්නේ 10% නෙවෙයි 68% ඉල්ලනවා නම් එකත් දීලා එන්න

ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක් පරිත්‍යාග කළ ක්‍රිෂාන්ත නම් තරුණයෙකු සිය කතාව මුද්‍රිත මාධ්‍යයට හෙළිකිරීමත් සමගයි.

ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් සිය අත්දැකීම මුද්‍රිත මාධ්‍යයට හෙළිකර තිබු අතර එහිදි ඔහු දැක්වු අදහස් පහතින්,

“මම රුවන්ති මංගලාට දුරකතනයෙන් කතා කළ වෙලාවෙ කිව්වා මට මේකෙන් හානියක් නැහැ කියලා කවුරුහරි තහවුරු කරල කියනව නම් මම ඔයාලට උදවු කරන්න කැමතියි කියලා. තව මම කිව්ව මම සේවය අත්හිටුවල ඉන්න ග්‍රාම නිලධාරි කෙනෙක් කියල. එතකොට රුවන්ති කිව්ව පත්වීම ලබාගන්න ඔයාට උදවු කරන්න අපිට පුළුවන්, සර්ජරි එක කළාට පස්සෙ අපි ජනාධිපතිතුමාට හරි කියල ඔයාගෙ රක්ෂාවෙ ප්‍රශ්නෙ විසඳල දෙන්නම් කීවා. ඊට පස්සෙ මට කිව්ව එයාව මුණගැහෙන්න මාබෝලෙ සිංගර් මෙගා එක ගාවට එන්න කියලා.

මම දවසක් කතා කරගෙන එතනට ගියා. රුවන්තිත් දුවත් කාරෙකේ ආවා. අපි හමු වුණාට පස්සෙ මාව එක්කගෙන ගියා නවලෝක මෙට්‍රොපෙලිටින් කියල ලැබ් එකකට. එතෙන්දි මගෙන් ‘ලේ’ සාම්පල් හත අටක් ගත්තා. එයාල ඉන්දියාවෙන් ගෙනත් තිබූ රිසිට් වගයක් එතන නර්ස්ට පෙන්නලා තමයි ඒ අනුව සාම්පල් ගත්තෙ. ඩොක්ටර් කෙනෙක් හිටියෙ නැහැ.

මේ සිදුවීමෙන් පස්සෙ මාසයක් විතර ගත වුණා. මමත් එච්චර හිතුවෙත් නැහැ. මොකද මගේ ලේ ගැළපුණාද දන්නෙත් නැහැනෙ. ඊට පස්සෙ දවසක් හදිසියෙම රුවන්ති මංගලා මට කතා කළා.

“ක්‍රිෂාන්ත ඔයාගෙ බ්ලඩ් ලෙඩාට ගැළපෙනවා. ඔයා ලයිෆ් ටයිම් එකේ අරක්කු එහෙම බීල නැහැ නේද” කියල ඇහුවා.

“මම මත්පැන් බොන කෙනෙක් නෙමෙයි කීවම අපි මේක කරනව නම් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නෙ කියල මම දැනගන්න ඕන” කීවා.

“හරි, ක්‍රිෂාන්ත ඔයා අපේ ගෙදර එන්න ඔයාට උපදේශයක් දෙන්න ඩොක්ටර් කෙනෙකුත් එනවා” කියල දිනයක් යොදා ගත්තා.

ඒ අනුව මම ගියා. මම යනකොට නාමල් හිටියා. හුඟක් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. රුවන්ති මට ඩොක්ටර් රියාස් කියල කෙනෙක් හඳුන්වා දුන්නා. පස්සෙ මම දැනගත්තෙ එයා ඩොක්ටර් කෙනෙක් නොවෙයි. දකුණු ඉන්දියාවෙ ග්ලෝබල් කියන හොස්පිටල් එකේ ලංකාවෙ ඉන්න නියෝජිතයා. එයා මට පැහැදිලි කළා,

“මේක සුළු ශල්‍යකර්මයක්. බිය විය යුතු නැහැ. අපි ඔයාගෙ අක්මාවෙන් 10%ක කෑල්ලක් තමයි ඉවත් කරගන්නේ. ඒක ඉක්මනින් නැවත වැඩෙනවා. ඔයාගෙ ජීවිතයට කිසිම බලපෑමක් මේකෙන් වෙන්නෙ නෑ. ඔයාට අවශ්‍ය නම් ඉන්දියාවට ගිහින් හරියට තීරණය කරගන්න පුළුවන්” කිව්වා.

අපි පළමු වතාවෙ ඉන්දියාවට ගියා. මා සමඟ මගේ බිරියත් ගමනට සම්බන්ධ වුණා.

අපි චෙන්නායිවල ‘ග්ලෝබල් හෙල්ත් සිටි’ එකට ගියා. එතැනදි නැවත පරීක්ෂණ කළා.

“සැත්කම සිදු වුණේ 2015 මාර්තු 27. නාමල්ගෙ ඔපරේෂන් එක කළේ මොහොමඩ් කියල ඩොක්ටර් කෙනෙක්. මගේ ඔපරේෂන් එක කළේ ගෝමතී කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්. අපි හොස්පිටල් එක කිට්ටුව අපාට්මන්ට් එකක ගෙයක් කුලියට අරන් හිටියේ. රුවන්ති නාමල් එක්ක එක රූම් එකක හිටියා. මම අනෙක් රූම් එකේ හිටියා. මම පරීක්ෂණ ගණනාවකට මුහුණ දුන්නා. රෝහලේදී මම දැන ගත්තා මගේ අක්මාවෙන් 10%ක් නොවෙයි 75%ක්ම ගන්න බව. එවිට මට බය හිතුණා. මගේ මෙඩිකල් ෆයිල් එකේ එහෙම ලියල තිබෙනවත් මම දුටුවා. ඒ අතරම මට කිව්වා, “ඔයා ගනුදෙනු ගැන මොනවත් කතා කරන්න එපා අපි ඔයා ගැන බලනවා” කියලා.

ශල්‍යකර්මයට දින 4ක් විතර තියෙද්දි නාමල් රෝහලේ ඇඩ්මිට් කළා. මම කාමරේ හිටියේ. රුවන්ති එළියට යනවිට මාව ඇතුළට දාල ලොක් කරල යන්න ගියා.

මම ‍ෙදාර ඇරපු ගමන් එළියට ගියා. කිට්ටුව පල්ලියක් තිබුණා. මම බෞද්ධයෙක්. ඒ වුණාට මම පල්ලියට ගිහින් ෆාදර්ට කතා කරලා එතනින් ඇමතුමක් අරන් බිරියට කිව්වා මම වැටිල ඉන්න අසීරු තත්ත්වය. මට බයයි නෝනෙ කියල. එතකොට රුවන්තිත් කතා කරල නෝනට කියල තිබුණා ක්‍රිෂාන්ත නෑ, එයාට එන්න කියන්න, තව දවස් දෙකයි තියෙන්නෙ කියලා. කියන ඕනම දෙයක් දෙන්නම් කියල පස්සෙ නෝන මට කිව්වා

“ඔයා ඕක දෙන්න. තව දවස් දෙක තුනකින් ඔය මනුස්සය මැරිල ගියොත් ඔයා පිටින් තමයි යන්නෙ. 10%ක් නොවේ. 68ක් ඉල්ලනව නම් ඒකත් දීලා එන්න” කියල වයිෆ් මා එක්ක අමනාපෙන් කීව.

ඊට පස්සෙ මම කාමරේට ගියා. මෙයාල අපේ වයිෆ්ගෙ වියදමට මුදලකුත් දාල තිබුණ. ශල්‍යකර්මය කරන්න ඉස්සර මට හොඳට කතා කළා. සැලකුවා. ශල්‍යකර්මයෙන් පස්සෙ දින දෙකක් යනකන් මගෙ අක්මාව ලෙඩාගෙ ශරීරයට භාර ගත්තෙ නැහැ. එතකොට බනින්න ගත්තා.

දවස් තුනක් යද්දි නාමල්ට අක්මා බද්ධය සාර්ථක වුණා. නමුත් මම හොඳටම කලකිරුණා. මම අප්‍රේල් 27 වෙනකන් රෝහලේ හිටියා. මෙයාල මාව සම්පූර්ණයෙන්ම අතහැර දැම්මා. උදව්වට කවුරුත් නෑ. ලේ පැකට් එක අතේ තියන් තනි අතින් රෙදි සෝදනවා. ඩොක්ටර්ලා 10ක් දිනපතා බලනවා. එයාල මට බැන්නා මොනවද කරන්නේ, ලෙඩා මැරුණත් අපි ඔයාව සනීප කරල යවන්න ඕන කිව්වා. ලංකාවට ඇවිත් මැරුණත් කමක් නෑ කියන තැනට මම වැටුණ.

මම රෝහල ගානෙම චෙන්නායි එයාර් පෝට් එකට ආවෙ. මට අමාරුයි ඒත් තනියම එන්න වුණේ.

ගමට ඇවිත් මම ගොඩක් දුක් වින්දා. නැඟිට ගන්න බැරිව හිටියා. පවුලෙ ආර්ථික ප්‍රශ්න විසඳගන්න බැරි තැන මගෙ බිරිය විදේශ රැකියාවකට ගියා. මම දරු දෙන්නත් එක්ක රුපියල් 2000කට කුලී ගෙයක ඉන්නෙ. කුඹුරු වැඩ කරන්නත් බැහැ. පපුවෙ මහන්සිය. බේත් වලින් ජීවත් වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා මම රන්ජන් රාමනායක මැතිතුමා හමුවුණා. එතුමා මට කන්දුන්නා. මගෙ ග්‍රාමසේවා පත්වීම හදාදෙන්න පොරොන්දු වුණා. මට රුපියල් පනසදාහක් දීලා දරුවන් සමඟ ගෙදරටම ගෙනත් ඇරලුවා. මගෙ බිරියත් ගෙනැවිත් දෙන බව කීවා. අපේ අනාගතය ගැන වගකීම භාරගත්තා. එතුමගෙ මිනිසත්කමට මා නමස්කාර කරනවා. මට සිදුවූ දේ හැම දෙනාටම පාඩමක්. මේ වගෙ උදවු කරන්න තමන්ගෙම කෙනෙකුට විතරක්. මට කියන්න තියෙන්නෙ එපමණයි.”