මවගේ තුරුලේ උණුසුම ලබමින් නොසිතූ මොහොතක මරු තුරුලට ගිය පුංචි අස්මිගේ දුක්බර කතාව

මාස 5 ක් වයසැති පුංචි සිඟිති දියණියක් මව් තුරුලේදීම මියගිය පුවතක් මිනුවන්ගොඩ වෑලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස මව් තුරුලේදීම මියගොස් ඇත්තේ පිලිපැන්නගේ අස්මි දෙව් රංගනි නමැති සිඟිති දැරියයි. රාත්‍රියේ නින්දට ගිය අස්මි පුංචි දැරිය පෙරේදා (27) අලුයම 2 පමණත් මවගෙන් කිරි බී නිදාගෙන තිබෙන අතර මව උදේ අවදී බලන විට දැරිය නිසොල්මන්ව සිටි බවයි මව පවසා ඇත්තේ.

පසුව දැරිය ඉක්මනින් මිනුවන්ගොඩ රෝහල වෙත රැගෙන ගියත් දැරිය ඒ වනවිටත් මියගොස් තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස අභිරහස් ලෙස මියගිය පුංචි දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට රාගම රෝහල වෙත රැගෙන ගිය බවයි වාර්තා වුණේ

සැමියා නැති අතරේ හොරෙන්ම නිවසට පැමිණි අසල්වැසියා තරුණියට කරදර කරන්න ගිහින් වැඩ වැරදුනු හැටි

කාන්තාවකගේ නිවසකට හොරෙන් ඇතුළු වී ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හා කාන්තාව එකම ගමේ පදිංචි අය වන අතර කාන්තාවගේ සැමියා වෙනත් ප්‍ර දේශයක රැකියාවේ නිරතව සිට තිබෙනවා. සැකකරු මීට පෙර අදාළ කාන්තාවගෙන් දුරකතන අංකය ඉල්ලා ඇති අතර ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ සැකකරු ඊයේ රාත්‍රි යේ කාන්තාවගේ නිවසට හොරෙන් ඇතුළු වී විදුලිය විසන්දි කර දමා ඇගේ නිදන කාමරයට ඇතුළු වී තිබෙනවා. පසුව ඇයගේ කට වසා උස්සාගෙන කුස්සියට රැගෙන ගොස් ඇති අතර එහිදි ඔහුගේ අත තිබූ විදුලි පන්දම සැකකරුගේ මුහුණට එල්ල වී තිබෙනවා. එහිදි තමන්ව හඳුනා ගනු ඇති බවට බියවූ සැකකරු කාන්තාව බිම දමා පලා ගොස් තිබුණා.

පසුව කාන්තාව සැකකරු හඳුනාගෙන තිබුණු අතර තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරනු ලැබූ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකාර කාන්තාව පැමිණ නීතිඥවරියක මාර්ගයෙන් කරුණු දක්වමින් දරුවන්ගේ අනාගතය ගැන සිතා මෙම පැමිණිල්ල සාමදාන කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර කරුණු සලකා බැලූ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කර තිබෙනවා.

අබදිත පෙම්වතාට තම උපාදිය ගන්න, උදවු කරන තම පෙම්වතියගේ නෙතට කදුලක් එන සංවේදී ආදරය කියන්න වචන නම් නෑ

තම ආදරණිය පෙම්වතිය තම රෝද පුටුවෙන් නැගිට්ටවල තම උපාධිය ලබා ගන්න කරන තම පෙම්වතියගේ උදුවෙන් කරන වයම බලන්න. ඇත්තටම මෙන්න ආදරය. තමන්ට ඇවිදින්න බැරි උනත් තමාගේ ජීවතේ වැදගත්ම දවසේදී තැනගේ හියෙට අතදෙන පෙම්වතිය ගැන කියන්න වචන නෑ .

උදේම වැඩට යන්න කලින් පාර පුරාම තියන පොලිතුන් කැබලි එකතු කරලා කුණු වාහනේට දෙන මේල් මහතා ගැනයි මේ කියන්නේ

උදේම වැඩට යන්න කලින් පාර පුරාම තියන පොලිතුන් කැබලි එකතු කරලා කුණු වාහනේට දෙන මේල් මහතා ගැනයි මේ කියන්නේ.

තම ආදරණිය මවට සලකල තමයි. උදේම වැඩ පටන් ගන්නේ. උදේම වැඩට යන්න කලින් තමයි අම්මට කෑම බිම දීල තව වටිනා කියන තව දෙයක් කරලා තමයි. ඔහු වැඩට යන්න කලින් පාරේ දිගේ කවරයකුත් අරගෙන යනවා පාරේ තියන පොලිතින් එකතු කරන්න. ඒ ඔහු දිනපතා කරන දෙයක්. මෙන්න බලන්නකෝ ඔහුගේ ඒ ජිවන කතාව

විවාහ කරලා දෙන්නේ නැ කියල 13 හැවරදි දැරිය ගෙදරින් පැනල ගිහින් දැන් ඉන්නේ තරුණයන් දෙදෙනෙකු සමග

තමාට ඉක්මනින් විවාහයක් කරදෙන ලෙසට පියාට බලකරමින් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ මීගමුව ප්‍රෙද්ශයෙන් වාර්තාවනවා. මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි හමුව ඇති අතර ඇය ගැලවීමේ හමුදාවට භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කර තිබෙනවා.

කටාන ප්‍රදේශයේ පදිංචිකාරිණයක් වන ඇය කුඩාකල සිටම පිරිමි ඇසුරට රුචිකත්වයක් දක්වා ඇති අතර එම හේතුවෙන් ඇගේ ඉගෙනීමද කඩාකප්පල් වී තිබෙනවා. ඉන් අනතුරුව ඇය තරුණයන් දෙදෙනකු සමග පලාගිය අතර එම තරුණයන් දෙදෙනාටද බලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා

මෙම තත්වය යටතේ එම දැරියව අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාසවලින් ද පලාගොස් තිබෙනවා. පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන් ට පැවරී ඇති අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ ඒ අතරතුරයි.

සරාගී නිළි සනි ලියෝන්ට මිතුරෙකු ඇගට සර්පයෙකු දැමු අපුරු යාලුවෝ ටිකක් කරපු දෙයක් බලන්නකෝ

සරාගී නිළි සනී ලියෝන්ට මුහුණදීමට සිදුවූ අමුතුම අත්දැකීමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රූගත කිරීමක් අතරතුරදී මිතුරෙක් විසින් ඇයගේ ඇඟට සර්පයෙක් දමන ආකාරයයි.

එම සර්පයා ඇත්ත එකෙක් නොවුනත් ඇය ඉන් බියට පත්වනවා. කෙසේ වෙතත් සනී විසින් පසුව එම පුද්ගලයාට නැවත ප්‍රතිප්‍රහාරයක් එල්ලකිරීම සිදුකිරීමද විශේෂ වනවා. එම අවස්ථා දෙකම දැක්වෙන වීදියෝ ඇය සිය ට්විටර් ගිණුමට එක්කර තිබුනේ මෙලෙසින්.

කුසගිනි වැඩිකමට පොල් ගෙඩිය බිදගෙන කාපු වරදට වයස අවුරුදු 13 දැරියට අමානුෂික වැඩ දුන් මිත්තණිය

අනාරකක්ෂිතව නිවසින් බැහැර රැයක් ගතකළ වයස අවුරුදු 13ක බාලවයස්කාරියක් කුලියාපිටිය ඇඹව ශ්‍රී සුධර්මාරාමය අසළ හඬමින් සිටියදී ඒ අසළින් ගමන්ගත් ගම්වාසීන් විසින් දැක එම දැරිය කුලියාපිටිය පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ කුලියාපිටිය නගරයෙන් ඔබ්බෙහි පිහිටි විද්‍යාලයක 8 වන ශ්‍රේණියේ ඉගෙනගන්නා දැරියක්.

කුසගිනි දැනී පොල්ගෙඩියක් බිඳ එහි පොල් මද ආහාරයට ගත් ඇයට මිත්තණිය විසින් තර්ජනය කළ බවයි ඇය පවසන්නේ.

දැරියගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත බවත් පියා මහනුවර ප්‍රදේශයේ සිටින බවත් අනාවරනය වී ඇති අතර ඇය මිත්තණිය සමගින් කුලියාපිටිය- ඇඹව ප්‍රදේශයේ කුලී නිවසක දිවිගෙවන බව සඳහන්.

මව සහ පියා වෙන්ව දිවි ගෙවන බවයි වාර්තා වන්නේ.

දැරිය සමඟින් ගම්වාසීන් කතා බහ කරමින් සිටි අතරවාරයේ ඒ අසළට පැමිණි වයස්ගත කාන්තාවක් තමන්ගේ මිණිපිරිය ලෙස පවසා ඇය රැගෙනයාමට සූදානම් වී තිබුණා.

නමුත් දැරිය අදාළ කාන්තාව නොහඳුනනා බව පැවසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය එන තෙක්ම දැරිය රැගෙනයාමට මිත්තණිය යැයි කී කාන්තාවට අවසර ලබා දී නැහැ.

පසුව කුලියාපිටිය පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාවිත්‍රී සිරිමාන්නගේ උපදෙස් මත පැමිණි කාන්තා නිළධාරිණියන් දෙදෙනෙකු විසින් අදාළ දැරිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර වයස්ගත කාන්තාවද පොලිසියට කැඳවාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ දැරිය පවසා ඇත්තේ ඊයේ(28) රාත්‍රියේ නිවසින් පලා ගොස් අසළ නිවසක සැඟවී සිටිය බවයි.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ ඇය එම නිවසේ සැඟවී සිටි බවක් නොදන්නා බව තමා කළ විමසීමකදී එම නිවැසියන් ප්‍රකාශ කළ බවයි.

ප්‍රශ්න කිරීම සඳහා එම නිවැසියන්ට හෙට(30) පොලිසිය විසින් කැඳවීමක් කර තිබෙන බවත් අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ දැරිය මේ වනවිටත් පොලිස් භාරයේ පසුවන අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිතයි.

උපුටා ගැනීම හිරු news

ආදරේට මිලක් ඉල්ලපු දෙවැනි ඉනිමේ අවන්තට යාලුවන්ගෙන් හොද ප්‍රතිචාරයක් ලැබුනා මෙන්න බලන්නකෝ

මේ දිනවල ජනප්‍රිය චරිතයක් තමයි අවනත කියන්නේ. ඔහු ඒ කතාවේ නම් ටිකක් නපුරු චරිතයක්. මේ තමයි ඔහු පිළිබද විස්තර

කේෂාන් ෂශීන්ද්‍ර කියන්නේ මේ දිනවල ලංකාවේ ඉන්න ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු රංගනයෙන් දායකවන දෙවෙනි ඉණිමේ අවන්ත ගේ චරිතය නිසා. කෙහොම වුණත් ඔහුට ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් මේ වනවිට ඔහු වටා ඉන්නවා. ඒ අතර නපුරු අවන්ත ගැන වගේම සැබෑ ජීවිතයේ ඉන්න කේෂාන් ගැනත් තොරතුරු දැන ගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා.මේ අතර කේෂාන් පසුගිය දිනක සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කර තිබුණා. මේ සඳහා ඔහුගේ රසික රසිකාවියන් දක්වා තිබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

එහි සඳහන් වුයේ “ආදරයේ මිල කීයද? මට එය මිලදී ගන්න අවශ්‍යයි යනුවෙනි” අදාළ ඡායාරූපය පහතින්..

1874 සිට අද වෙනකල්ම භාවිත කරපු දුම්රිය ගැටීම වලක්වන මෙම වළල්ල පිලිබඳ ඔබ නොදත් අරුම පුදුම රහස් ටිකක්

ඕකට කියන්නෙ tablet system කියලා. මමත් ඒ සම්බන්ද note එකකින් තමා දන්නෙ. ටැබ්ලට් ක්‍රමය “ටැබ්ලට්”. දැන් ටැබ්ලට් කිව්වාම කට්ටියටම මතක් වෙන්නේ ටැබ්ලට් පරිගණක ගැන වුණත් මීට අවුරුදු ගාණකට කලින් මේ වචනේ ඇහුවාම කාටත් මතක් වුණේ බෙහෙත් පෙති. කොහොම වුණත් අපි මේ කතා කරන ටැබ්ලට් ක්‍රමය ඔය දෙකටම වඩා වෙනස්. මෙතැනදී ටැබ්ලට් එකක් කිව්වේ ලොකු යතුරු ඉබ්බෙක් (padlock) තරමේ ලෝහ ගුලියකට. තනි මාර්ගයේ දෙපැත්තටම දුම්රිය ධාවනය වෙනකොට එකිනෙක ගැටෙන්න තියෙන අවස්ථා වළක්වා ගන්න එක තමයි මේ ටැබ්ලට් ක්‍රමයෙන් සිදු වෙන්නේ.

බොහෝ විට ආර්ථික හේතු නිසා ඕනෑම රටක දුෂ්කර ප්‍රදේශවලට ඉදි කෙරෙන්නේ තනි දුම්රිය මාර්ගයක් විතරයි. (ද්විත්ව දුම්රිය මාර්ග තියෙන්නේ නිතරම දුම්රිය යන්න අවශ්‍ය වන නාගරික පැති වල) 1874 අවුරුද්දේ එඩ්වඩ් ටයිලර් කියන ඉංජිනේරුවා තමයි තනි මාර්ගයක ආරක්ෂිතව දෙපැත්තටම දුම්රිය ධාවනය කරන්න මේ සරල උපක්‍රමය නිර්මාණය කළේ.

කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරනවා.

එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ. මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.

මේ පිළිබද  විස්තර මේ ලින්ක් එකන් ගිහින් බලන්න.

https://www.windy.com/?7.776,77.838,7