මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එන එක එක දේවල් අතරේ අප්‍රිකානු යුවලකගේ හරි ලස්සන ෆ්‍රී ෂූට් කරළියට – වීඩියෝ

මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙන ලස්සන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. අප්‍රිකානු යුවලකගේ හරි ලස්සන ෆ්‍රී ෂූට් එකක් තමයි මෙහි තිබුණේ.. බලන්නකෝ ඒ ඡායාරූප එකතුව. පහත වීඩියෝව නරබන්න. ඔබගේ අදහස් අපට කියන්න අමතක කරන්නත් එපා.

අවුරුදු සෙල්ලම් සේරම වතුරේ පැවැත්වූ අපුරු අවුරුදු උත්සවයක් ගැනයි මේ – බලන්නකෝ මේ සෙල්ලම් ටික

මේ අවුරුදු කාලයේ එක එක තැන්වල විවිධ ආකාරයේ අවුරුදු උත්සව තියනවා. මෙන්න ඒ වගේ තවත් අපුරු අවුරුදු උත්සවයක් ගැනයි මේ කියන්න යන්නේ. මෙන්න බලන්නකෝ ඊලග අවුරුද්දේ ඔයාලත් මේ වගේ අලුත් දෙයක් කරන්න ඇත්තටම එක ලස්සනයි නේද. පහත වීඩියෝව නරබන්න

IPL තියුණු සටනේ මහේලගේ පිලේ සුපිරි පිතිහරබය හමුවේ විනිසුරුවන් බිම ඇද වැටේ

2018 අයි.පී.එල්. තරඟාවලියේ රාජස්ථානයේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය කඩුළු 3කින් ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරඟයේ අවසන් පන්දුවාර තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත මෙම තරඟය රාජස්ථාන් පිල ජයගත්තේ ලකුණු 168ක ඉලක්කයක් හඹා යමින්.

මේ අතර මේ තරගයේදී මුම්බායි කණ්ඩායමේ හාර්දික් පාන්ඩියා එල්ල කල පහරකින් බේරීමට උත්සහ කල විනිසුරු රෝඩ් ටකර් බිම ඇද වැටීමද කාගේත් අවද්දනය දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.

දළ ඇත්තු දැක්කට දළ කුකුලෝ දැකල තියෙනවද? මෙන්න ලොව පළමු වරට ලංකාවෙන් හමු වූ “දළ කුකුලා”- වීඩියෝ.

දල ඇතුන් දැක තිබුනත් කවදාකවත් දැක්කද දල ථියෙඅ කුකුලෙක්. ලොව ප්රහම වරට ලංකාවෙන් මෙම අමුතු කුකුලා හමුව තිබෙනවා. මේ කුකුලා සහ එම කුකුලාගේ අයිතිකරු කුකුලා ගැන කියන කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

උණුසුම් වූ තරඟය මැද ප්‍රේක්ෂකාගාරය හිනැස්සූ ඩිවිලියස් සහ ඇන්ඩර්සන්ගේ කඩුලු අතර දිවිල්ල – වීඩියෝ

බැංගලෝර් පිල සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් පිල අතර බැංගලෝර්හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති තරඟය සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවූ තරඟයක් බවට පත් වුණා. මෙම තරඟය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 06කින්. තරඟයේ බැංගලෝර් පිළිතුරු ඉනිමේ 16 වන පන්දුවාරයේ පන්දුවට පහරදෙමින් සිටි ඒ.බී. ඩිවිලියස් සහ කොරේ ඇන්ඩර්සන් ලකුණක් ලබාගැනීමට යාමේදී දුවද්දී දවා ගැනීමේ අවස්ථාවකට පහසුවෙන් හසුකර ගැනීමට තිබූ අවස්ථාව දිල්ලි පන්දු රකින්නන්ට අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා. එම අවස්ථාවේ පන්දුවට පහරදුන් ඒ.බී. ඩිවිලියස් ලකුණක් ලබා ගැනීමේ අරමුණින් අනෙක් අන්තයේ සිට දිව එන කොරේ ඇන්ඩර්සන්ට ආපසු හැරී යන ලෙස සංඥා කරනවා. අනතුරුව ඇන්ඩර්සන්ට ආපසු හැරී තමා සිටි අන්තයට දිව යන අතර අනෙක් අන්තයේ සිට ආපසු හැරී යන ලෙස ඇන්ඩර්සන්ට සංඥා කළ ඩිවිලියස් ඇන්ඩර්සන් පසුකර දිව යන්නේ ලකුණක් එක්කර ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් පිතිකරුවන් දෙදෙනාම පන්දු යවන අන්තයේ ග්‍රීසය අසලටම දිවගොස් තිබූ අතර ඇන්ඩර්සන් අපසු හැරී පන්දුවට පහරදෙන අන්තය වෙත දිවයනවා. ඩිවිලියස් එල්ල කළ පන්දු පහර රැකගෙන නිසි ආකාරයෙන් පන්දු යවන්නා වෙත යොමු කිරීමට පන්දුව රැකගත් ගෞතම් ගාම්භීර් අපොහොසත් වන අතර ඒ හේතුවෙන් පහසුවෙන් දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් දිල්ලි පිලට මඟ හැරී යන්නේ අවාසනාවන්ත ලෙසයි. කෙසේ වෙතත් එම සිදුවීම දිල්ලි ක්‍රීඩකයින්ට අවාසනාවන්ත සිදුවීමක් වුවත් ඩිවිලියස් සහ ඇන්ඩර්සන් අතර සිදුවූ පැටලවිලි සහගත සිදුවීම තරඟ නරඹන්නන්ට සහ බැංගලෝර් ක්‍රීඩකයිගේ මුවගට සිනහවක් එක්කළ සිදුවීමක් වුණා.

අත්තනගල්ලලේ අවුරුදු උත්සවයක් අවසානයේ සංගීත සන්දර්ශනයක් අතරතුරදී සිදු වූ අවාසනාවන්ත පුවත

නිට්ටඹුව, අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අවුරුදු උත්සවයකින් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුරදී නාදුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළේය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙක්. ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර සංගීත සන්දර්ශනය ආරම්භයේ පොල් තෙල් පහන දැල්වීමට එක් වූ අයෙකු බව වාර්තා වන්නේ. තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසනවා. වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කාන්තා රග්බි කණ්ඩායම පුහුණු කරන්න ගිය නාමල්ට ක්‍රීඩිකාවන් අපූරු පාඩමක් කියා දුන් හැටි – වීඩියෝ

කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීමත් සමග ඔහු ඒ වෙනුවෙන් සිය කැමැත්ත ලබාදී තිබුණා. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමට එරට සමාජජාලා ක්‍රියාකාරීන් ස්තූති පල කර තිබුණා. ජම්මූ කාශ්මීර මහ ඇමතිනි මෙහෙබූතා මුෆ්තී ද සිය ට්විටර් ගිණුමෙ සටහනක් තබා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තූති කර තිබුණා. මෙහිදි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්…

ඔබ විවාහයට සුදානම්ද..? ඔබ විවාහ වෙන්න ඕනේ හරිම වයස මෙන්න දැනගන්න

ඇත්තටම අවුරුදු 18 කියන්නෙත් විවාහ වෙන්න වයසක් නෙමේ. එහෙම නම් අවුරුදු 16 දී විවාහ වීම කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු දෙයක්. අවුරුදු 16 ක් කියන්නේ බොහොම සරලව සුන්දරව ජීවිතය විඳින කාලයක්. හරියට සමනලුන් වගේ. මේ සමනල යෞවනයන්ට විවාහය කියන සංකීර්ණ බැඳීම මොකක්ද කියලා කියන්න තියා තේරුම් ගන්නවත් තේරෙන්නේ නැහැ. ඔබත් විවාහය ගැන මේ කරුණු ටික දැනගෙන හිටියද කියල බලන්න

මුහුද ගොඩ ගලයි.. කාලගුණය කැළඹෙයි

අනිද්දා දිනය වන තෙක් පුත්තලමේ සිට ගාල්ල හරහා මඩකලපුව තෙක් මුහුදු තීරය රළු වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරු ඇගවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඇතැම් ස්ථානයන්හි මුහුදු රළ මීටර 02ට වැඩියෙන් උස්වනු ඇති බවද සදහන් කරන ඔවුන් මුහුදු යාමෙන් වලකින්නැයි ධිවර ජනාතාවට උපදෙස් දී තිබේ. මේ නිසා ඊයේ දිනයේ හික්කඩුව තෙල්වත්ත ප‍්‍රදේශයේදී මුහුද ගොඩගලා ගාළු පාරටද ජලය පැමිණ තිබින. මුහුද රළුවීම නිසා ඇතැම් ධීවර යාත‍්‍රාවලටද අලාබ සිදුව ඇත.

මිය ගිය ශ්‍රී දේවි නැවත උපදී… ඉන්දියාවම විශ්මයෙන් ඇලලී ගිය වීඩියෝව පිටවේ

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවි පසු ගිය දිනෙක හදිසියේ මරණයට පත් වුනේ ඇය ලැගුම් ගෙන සිටි හෝටල් කාමරයේ , නාන කාමරය තුළදීය, මෙම මරණය ගැන විවිධ කතා පැතිරුනා. මෙය ඝාතනයක් බවද පැවසුනා. කෙසේ වෙතත් මෙම සුරූපී නිළිය ගැන ලොව වටා රසිකයන් බොහෝ සේ දුක් වුන.

නමුත් හිටි හැටියේ ඉන්දීය මාධ්‍ය හරහා ශ්‍රී දේවි නැවත ඉපදී ඇති බවට වීඩියෝවක් හුවමාරු වන්නට පටන් ගත්තා. ඒ මීට දින කිහිපයකට කලින් උපන් දැරියකගේ. බලු බැල්මට ස්රිදෙවිගේ මුහුණුවර සහිත මේ බිලිඳිය අන්තර්ජාලය හරහා මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, අයගේ දෙනෙත් ශ්‍රී දේවිගේ මෙන්ම විශාල සහ දීප්තිමත් නිසා සහ නහය, කට ද ශ්‍රී දේවිට සමාන බැවිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න..